13 ට එහා ගිය බලතල ඉල්ලා
ටී. එන්. ඒ. පිරිසක්‌ මෝඩි හමුවෙති

කීර්ති වර්ණකුලසූරිය

13 වැනි සංශෝධනයටත් එහා ගිය බලතල ලබාගැනීමේ අරමුණින් ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්‌ඩායමක්‌ ඉන්දියාවේ නව අගමැති ලෙස පත්වීමට නියමිත නරේන්ද්‍ර මෝඩි හමුවීමට තීරණය කර ඇත.

මඩකලපුවේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් හමු වූ මාවෙයි සේනාධිරාජා මේ බව හෙළිකර තිබේ.

නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය ලැබීමත් සමඟම උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ද ඔහුට සුබපැතුම් පණිවුඩයක්‌ යවා ඇත.

මාවෙයි සේනාධිරාජා තවදුරටත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු අමතමින් පවසා ඇත්තේ කොංග්‍රස්‌ පක්‍ෂය මෙන් නොව මෝඩිගෙන් ද්‍රවිඩ ජනතාවගේ හිමිකම් ලබාගත හැකි බවයි.

එහෙත් නරේන්ද්‍ර මෝඩි මෙතෙක්‌ ශ්‍රී ලංකාව සම්බන්ධව කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.