යාපනය විශ්වවිද්‍යාලය දින 2ක්‌ වැසෙයි

දිනසේන රතුගමගේ

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසකගේ නම් හෙළි කරමින් යාපනය පුරා පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලය ඊයේ (22 දා) හා අද (23 දා) වසා දැමීමට විශ්වවිද්‍යාලයීය බලධාරීන් තීරණය කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක්‌ එල්ටීටීඊ සංවිධානයට යළි පණ දීමට සූදානමින් සිටින නිසා වහාම එම ව්‍යාපාරය අත්හරින ලෙසත් එසේ නොමැතිනම් ඔවුනට "ගෝපි" වැන්නවුන්ට අත්වූ ඉරණම අත්විය හැකි බවත් එම පත්‍රිකාවකින් දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ නම් එම පත්‍රිකාවල ඇතුළත් වීම නිසා එම ආචාර්යවරුන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී ඇති බව කියමින් ඊට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලය වසාදමා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.