පිළිකා රෝගීන් සඳහා අධිශක්‌ති විකිරණ
උපකරණ පහසුකම් සඳහා කැබිනට්‌ අනුමැතිය


චමින්ද සිල්වා

ශ්‍රී ලංකා පිළිකා රෝගීන් සඳහා වූ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධිශක්‌ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් ලබාදීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම ඉංජිනේරු කාර්යාංශ උපදේශක මණ්‌ඩලය මගින් නිර්දේශිත පරිදි අධිශක්‌ති විකිරණ චිකිත්සක උපකරණ ජාතික පිළිකා ආයතනය, යාපනය, කරාපිටිය. මහනුවර සහ මඩකලපුව යන ශික්‍ෂණ රෝහල්වල ඉදිකිරීමට නියමිත බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රු. 1,103,061,593.82 ක ඇස්‌තමේන්තුගත මුදල ලබා ගැනීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනාව ඉදිරිපත් කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.