සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද
නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌


සරත් ධර්මසේන

දුම් පානය ශරීර සෞඛ්‍යයට හානිදායක බව දැක්‌වෙන රූපමය අවවාද සඳහා සිගරැට්‌ පැකට්‌ටුවක ඉඩකඩවලින් 50% හෝ 60% සහ වෙළෙඳ ලකුණු සඳහා 40% ක්‌ සැකසිය යුතු යෑයි නියෝග කරමින් ඉකුත් අප්‍රේල් 12 දා අභියාචනාධිකරණ ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවට එරෙහිව ලංකා දුම්කොළ සමාගම ඊයේ (23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කළේය.

දුම්කොළ සමාගම ඇපැල් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ අභියාචනාධිකරණ නඩු තීන්දුව පමණක්‌ නොව ඇමැතිවරයා පැනවූ රූපමය අවවාද සඳහා 80% ක්‌ සහ වෙළෙඳ ලකුණ සඳහා 20% විය යුතුය යන රෙගුලාසිය මුළුමනින්ම අවලංගු කරන ලෙසයි.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේනණී එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලක සහ දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය මේ නඩුවේ විත්තිකරුවෝය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.