සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක්‌
බාබ මගේ කට ඇරවලා
බෙහෙත් බීපං කියා වස වර්ගයක්‌ පෙව්වා

- සෞදියේ සිට ලංකාවට එවූ අමිතා කුමාරි කියයි



මාස කීපයකට ඉහතදී ගෘහ සේවිකාවක්‌ වශයෙන් සෞදි අරාබිය කරාගිය විසිනව හැවිරිදි හැඩකාර දෙදරු මවක්‌ වන ඩබ්ලිව්. අමිතා කුමාරිට ඒ රටේ බාබ විසින් වසවර්ගයක්‌ පොවා රෝහල් ගතකර මාස එකහමාරකට පසුව ශ්‍රී ලංකාවට එවා ඇත. මේ වනවිට ඇය ආහාර ලබාගන්නේ කටින් නම් නොව උදරයට සවිකරගත් පුනීලයකිනි. දියර ආහාරවලින් පමණක්‌ දිවි රැකගන්න ඇය දැනට මාස 3 ක සිට වගකිවයුතු කිසිවෙකු මේ දක්‌වා ඇයගැන සොයා බැලීමට හෝ ප්‍රතිකාරයක්‌ ලබාදීමට ඉදිරිපත් වී නැත. නාත්තන්ඩිය ආසනයට අයත් ඉරණවිල ප්‍රදේශය ඇය උපන් බිමයි. එම ප්‍රදේශයේම පදිංචිව සිටින සුළු ධීවර රැකියාවක්‌ කරන ෙ-. ඒ. චාලක සුජීව පෙරේරා සමග 2001 වර්ෂයේදී විවාහවී වයස අවු. 12 ක හා 6 ක දරුවන් දෙදෙනකුද සිටී. තම ස්‌වාමි පුරුෂයාගේ එදිනෙදා ධීවර රැකියාව දිනෙන් දිනම අභාවයට යාම නිසා තම දරුවන් දෙදෙනාගේ අනාගතය සරුකර ගැනීම සඳහා කතිකාවකින් පසු අමිතා කුමාරි කොළඹ ප්‍රදේශයේ පිළිගත් විදේශ රැකියා ආයතනයකින් පසුගිය 2013 මැයි මස 20 වෙනි දින සවුදි අරාබියේ රියාද් නගරය බලා පිටත්ව ගියේ තම දූ දරුවන් සහ ආදරණීය සැමියාත් සමග සතුටින් කල්ගත කිරීමට අවශ්‍ය රන් කහවනු සොයාය.

එහෙත් දෛවය ඇයට සහ එම දරු පවුලටම සරදම් කර ඇති ආකාරය ඇය දිවයිනට මෙසේ කීවාය. එදා 2013 මැයි මාසේ 20 වැනිදා උදේ පාන්දර මාව කටුනායක ගුවන් තොටුපළින් ඇරලලා දුවයි, පුතයි මහත්තයයි ගෙදර ගියා. පැය කීපයකින් ගුවන් තොටුපළේදීම මාව අරගන්න බාබ කෙනෙක්‌ ආවා. එදා රෑ ඒ මිනිහගේ නිවසේ මට නවාතැන්දීල පසුවදා පාන්දරම මගේ පාස්‌පෝට්‌ එකයි විස්‌තර ලියනු කොලයකුයි එක්‌ක බසයකට ගොඩකළා. 22 වැනිදා සවස අරාන්වලට ආවම එහෙදිත් බාබ කෙනෙක්‌ තමයි මාව අරගෙන ගියේ.

පැය කීපයක්‌ නිදාගන්න කියල මට දහයට විතර ඇහැරවල කන්න බොන්න දුන්නා. ළමයි 10 දෙනකු එහේ හිටියා. රෙදි සෝදන්න, උයන්න, ළමයි බලාගන්න දුන්නා. මාසයක්‌ යද්දි මට ටෙලිෙµdaන් කරන්න දෙන්න බැහැ කීවා. මාස 3 ක්‌ම යනකම් පඩි නොදී හිටියා මම රණ්‌ඩුකරල සල්ලි ටිකක්‌ ඉල්ලගෙන දරුවෝ දෙන්නට එව්වා. ඊට පස්‌සේ මාස 6 ක්‌ යනකං කිසිම ගනුදෙනුවක්‌ කතා කරන්න දෙන්නේ නැහැ. මට නිතරම මාම ගහනවා. ඊට පස්‌සේ මට දුක වැඩිකමට මම නොකා නොබී සති 3 ක්‌ම හිටියා වැඩ කළේ නැහැ. ගෑනි මට හොඳටම ගහල මාව මරණවා කීවා. ඊට පස්‌සේ මම සිහි නැතිවෙලා වැටුණා. බබා මගේ කට ඇරල බේත් බීපං කියල වස වගයක්‌ පෙව්වා කට පිච්චුණා. පසුව මාව රෝහලට ගෙනියන ගමං කීවා මොකුත් බීවේ නැහැ කියපං කියල. දොස්‌තරලා ඇහුවත් මම කීවෙ නැහැ බයට. පසුව මම මාසයක්‌ රෝහලේ නැවතී ප්‍රතිකාර අරගෙන මමා මාව බලන්න ආපුවාම යන්න ඕනා කීවා මට සේලයින් ගහලම එයාපෝට්‌ එකට ගෙනත් දැම්මා. ඒ රටේදී මම හිටියේ පාලු නගරයක මට දුක කියන්නවත් කෝල් එකක්‌ ගන්නවත් එළියට යන්න දුන්නේ නැහැ.

මම ගෙදරට එනවා කියලා දැන්නුවේ ඒ රෝහලේ හිටිය ලංකාවේ අක්‌ක කෙනෙක්‌. මගේ මහත්තය කෙළින්ම මාව රාගම ඉස්‌පිරිතාලෙට ඇතුළු කළා. එහෙදී මට විශේෂ පරීක්‌ෂණ කීපයක්‌ම කරල මාස එකහමාරක්‌ම ආහාරයක්‌ නැතිව සේලයින්වලින් හිටියේ. පසුව මාව සැත්කමකට අරගෙන ආහාර ලබාදෙන්න බඩ පලල මේ මල්ල දැම්මා එදා ඉඳල මම ජීවත්වුණේ මේ වගේ දියර ආහාර වර්ග වලින්. මට හරි ආසයි කටින් වතුර ටිකක්‌ බොන්න ඒත් ඒක මගේ වෙලාව වෙන්න ඇති.

තව සැත්කම් කරන්න ඕනලු ඒකට මගේ ශරීරය දුර්වලයි කීවා. මගේ මහත්තයයි දරුවෝ දෙන්නයි හරිම අසරණවෙලා මාව දැක්‌කම දුකෙන් බලාගෙන ඉන්නේ. මම එයාලගේ අම්මද කියලවත් හඳුනන්න බැරිව වගේ මට විදේශ සේවා නියුක්‌ති කාර්යාලයෙන්වත් තවම නිසි පියවරක්‌ අරගෙන නැහැ.

ඇයගේ නැන්දනිය සැමියගේ මව වන මාලනී මෙන්ඩිස්‌ "මේ දරුවා එදා විදේශ රැකියාවකට ගියේ පුතාගේ රැකියාවත් ඒ තරමට ආදායම් නැති නිසා. දරුවො දෙන්නට උගන්නන්නත් මේ නිවස ටිකක්‌ එළියට හදාගන්නත් ඕන නිසයි අපේ ලැබීම මෙහෙම වුණේ කොහොමද? මේ දරුවා සනීප කරගන්න අපි නොකරන දෙයක්‌ නැහැ. මාස ගණනකින් ආහාරයක්‌ නැතිව මේ දරුව අඳුනගන්න බැරි තරමට දුර්වල වෙලා. අපිට තවම කිසිම කෙනෙක්‌ගෙන් සහනයක්‌ ලැබිල නැහැ.

මගේ මනුස්‌සයා දරුවාගේ තාත්තත් මේ වේදනාව ඉවසාගන්න බැරිවම පසුගිය මාසෙ මියගියා. එයත් අසනීපයෙන් හිටියේ. ඒ මදිවට ලේලිගේ අසනීපයේ බරපතළකම දැකලම තමයි එයාගේ හුස්‌ම ගියේ.

තව සති කීපයකින් මේ දරුවව සැත්කමකට භාජනය කරන්න තියෙනවා රාගම රෝහලේ. එයාව හලාවත ඉඳල මොන ක්‍රමයකින්වත් එක්‌ක යන්න බැහැ. වාහනයක්‌ නැතිව වාහනයකට රුපියල් හත්දහකටත් වැඩිය යනවා. කෝච්චියෙ ගිහින් පඩිපෙළවල් නැගල යන්න බැහැ. කොහොමහරි දරුවව සුවකරගන්නත් ඕනෑ."

ජායාරූප සටහන - මාදම්පේ, කමල් ප්‍රියංකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.