සම සෞඛ්‍ය විද්‍යා උපාධියට සිව් වසරක නව පාඨමාලාවක්‌

නිලන්ත මදුරාවල

දැඩි මතභේදයකට තුඩුදී ඇති සම සෞඛ්‍ය විද්‍යා උපාධිය සඳහා සිව් වසරක නව පාඨමාලාවක්‌ සකස්‌ කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සනාථන සභාව විසින් අනුමත කරනු ලැබ ඇත. සකස්‌ කෙරෙන නව පාඨමාලාව සඳහා විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඉදිරිපත් කිරීමට සිදුවන බව එම විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මහින්ද වික්‍රමරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

ඉදිරි මාස කිහිපය ඇතුළත එම කටයුතු අවසන් කළ හැකි වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම සිව් වසරක පාඨමාලාව අනුමත වුවහොත් මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටින සිසුන්ගේ පාඨමාලාවටද අන්තර් කාලසීමාවක්‌ අලුතින් ඇතුළත් කර සිව් වසරක පාඨමාලාවක්‌ දක්‌වා දීර්ඝ කිරීමට හැකිවන බවද පීඨාධිපතිවරයා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.