වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ස්‌ථාන මාරුව
ක්‍රියාත්මක නොවීම ගැන වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌


ඒමන්ති මාරඹේ - චමින්ද සිල්වා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා බස්‌නාහිර පළාත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඔහුට ලැබී ඇති ස්‌ථාන මාරුව සඳහා ඉදිරි සති දෙක ඇතුළතදී මුදා නොහරින්නේ නම් බස්‌නාහිර පළාත් සභාව යටතේ පවතින සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරු දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ කරා යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තමන්ට ලැබී ඇති ස්‌ථාන මාරුවට නොයා වෛද්‍ය සිල්වා මහතා නීති විරෝධී ලෙස වත්මන් තනතුරුවල රැඳී සිටින බවත්, ඔහු තනතුරුවලින් ඉවත් වන්නේ හෝ බලධාරීන් ඔහුව ඉවත් කරන්නේ හෝ නැති බවද සංගමය චෝදනා කරයි.

වෛද්‍ය අමල් හර්ෂ වෛද්‍යවරුන්ගේ ස්‌ථාන මාරුවීම් පවා නිසි ලෙස ක්‍රියාත්මක නොකර වෛද්‍යවරුන්ට බැණ වදින බවත් මේ සම්බන්ධව ආණ්‌ඩුකාරවරයා පවා තැකීමක්‌ නොකරන බවත් පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට තම ස්‌ථාන මාරුව ලබාදෙන ලෙසට සෞඛ්‍ය ඇමැතිවරයා වෙතද දැනුම්දී ඇති බව අවධාරණය කර සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.