මැලේසියාවේදී අසුවූ කොටි ප්‍රබලයන් තිදෙනා


ගුෂාන්තන් සන්දරලිංගරාජා,මහාදේවන්, කිරුබාහරන් සහ කිරුබාහරන් සෙල්වතුරෙයි නමැති කොටි තිදෙනා මුහුනු ආවරණවලින් යුත් මැලේසියානු ත්‍රස්‌ත මර්දන භටයන් අල්ලාගත් අයුරු...

* කොටි ත්‍රස්‌තයකු වූ ගුශාන්තන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දුන් ගමන් බලපත්‍රය ගැන අවධානය යොමුවී නැහැ.

* එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කොටි ත්‍රස්‌තයන්ට සරණාගත කාඩ්පත් දීලා.

* කොටින්ට අන්තර්වාර පාලන කෙටුම්පත සකස්‌ කල මහාචාර්ය රාමසාමි කොටි තිදෙනා වෙනුවෙන් හඬ නගයි.

* චැනල්පෝ සහ ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායමට සහයවූ රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ට්‌ගේ බිරිය බාබාරා යුරෝපා පාර්ලිමේන්තුට පත්වේ.

ගුෂාන්තන් සන්දරලිංගරාජා, මහාදේවන්, කිරුබාහරන් යන කිරුබානන්දන් සෙල්වතුරෙයි නැමැති කොටි තිදෙනා මුහුණු ආවරණවලින් යුත් මැලේසියානු ත්‍රස්‌ත මර්දන භටයන් අල්ලා ගත් අයුරු

මේ මාසයේ දිනෙක මැලේසියාවේ කුවාලම්පූර් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු සිය ගමන් බලපත්‍රයේ කාලසීමාව ඉකුත්වී ඇති නිසා එය අළුත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. මේ ද්‍රවිඩයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ගැන හෝ ඔහු කවුදැයි තානාපතිකාර්යාලයේ ගමන් බලපත් ඒකකයේ නිලධාරීහු විමර්ශනය කළේ නැත.

මේ අතර පසුගිය මැයි 15 දා මැලේසියාවේ බුකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයට අයත් භට පිරිසක්‌ ප්ලැන්ජයා සහ ක්‌ලෑන්ග් යන ප්‍රදේශවල කළ විමර්ශනවලදී කොටි සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීහු තිදෙනකු අසුවිය. මේ භට පිරිස බැලැන්කාවා නමින් හඳුන්වන මුහුණු ආවරණ පැළඳ සිටියහ. අත්අඩංගුවට ගත් කොටින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එක්‌ අයෙක්‌ තමා පරිගණක මෘදුකාංග සමාගමක සේවය කරන බව කීවේය. අනිත් කොටි ත්‍රස්‌තයා පැවසුවේ තමා විවාහ මංගල්‍ය සඳහා කුඩාරම් කුලියට දෙන ව්‍යාපාරයක්‌ කරන බවයි. ඔහු සිංගප්පූරුවේදී සොරකමකට අසුවී සිරදඬුවම් ලැබීමෙන් පසු මැලේසියාවට පැමිණි බව හෙළිවිය. කෙසේ වෙතත් මැලේසියානු ත්‍රස්‌ත මර්ධන නිලධාරීහු ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන ශ්‍රී ලාංකික කොටින් කවුදැයි විමර්ශනය කිරීමේදී අත්අඩංගුවේ සිටින දෙදෙනකුට රතු වරෙන්තු ඇතැයි තහවුරුවිණි.

ඉන් එක්‌ අයෙක්‌ ගුශාන්තන් සන්දිරිලිංග රාජ් පිල්ලේ නැමැති කොටි ත්‍රස්‌තයා යෑයි සනාථ විය. මේ ගුශාන්තන් එසේ මෙසේ කොටියකු නොවේ. වාන්පුලිහාල් හෙවත් කොටි ගුවන් ඒකකයේ දෙවැනියා ලෙස ක්‍රියාකළේ ගුශාන්තන්ය. මොහු කොළොන්නාව තෙල් ටැංකියට සහ අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ස්‌ලින් නැමැති කොටි ගුවන්යානා වලින් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම්ද දියත් කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය විය. ප්‍රභාකරන්ගේ බංකරයක තිබී සොයාගත් කොටි ගුවන් ඒකකයේ ඡායාරූප අතර මොහුගේ ඡායාරූපයද තිබී හමුවී ඇත.

මෙම කොටි ඒකකය ආරම්භ කළ ශංකර් 2001 සැප්තැම්බර් 26 දා ශ්‍රී ලංකා හමුදාවේ දිගුදුර පිහිනුම් බලකාය විසින් ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ අටවා තිබූ ක්‌ලේමෝ බෝම්බයට ගොදුරුවී ජීවිතක්‍ෂයට පත්විය. ගුශාන්තන් විවාහ වී සිටියේ ශංකර්ගේ ඥති දියණියක්‌ සමඟය. මැලේසියානු ත්‍රස්‌ත මර්ධන අංශය කොටි ක්‍රියාකාරීහු තිදෙනකු අල්ලාගත් පුවත මැලේසියානු මාධ්‍යවලට වාර්තාවූයේ පසුගිය ඉරිදායි. එහෙත් මේ කොටි තිදෙනා කව්දැයි මාධ්‍ය වලට හෙළිවූයේ නැත. එහෙත් කොටි තිදෙනා අසුවීම මෙරට බුද්ධි අංශවලට දැනුම්දීමට මැලේසියානු බලධාරීහු ක්‍රියාකළහ. ඒ අනුව කුවාලම්පූර් වෙත ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඔවුන් තිදෙනා මෙරටට ගෙනඑනු ලැබුවේ පසුගිය සඳුදා සවස්‌යාමයේයි.

මෙම කොටි තිදෙනාගේ ප්‍රධානියා වූ ගුශාන්තන් සමඟ අසුවූ අන්බරාසු හෙවත් මහාදේවන් තිර්බාකරන් පොට්‌ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවේ සිව්වැනියා ලෙස ක්‍රියාකර තිබුණි. අනික්‌ තැනැත්තාවූ සෙල්වතුරෙයි තිරුබානන්දන් කොටින්ගේ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවා ලෙස කටයුතු කරනු ලැබීය.

මොවුන් ළඟ තිබී මැලේසියා ත්‍රස්‌ත මර්දන නිලධාරීහු එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත් තුනක්‌ද රටවල් 24 කට අයත් මැලේසියානු රුපියල් 20176.53 ක මුදල්ද කොටි ප්‍රචාරක ලියවිලි හා පරිගණක උපාංගද සොයාගනු ලැබීය.

මේ පසුබිම මැද මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ගමන් බලපත්‍රය අළුත්කරගැනීමට භාරදුන් තැනැත්තාද අනාවරණය විය. ඒ කොටි ගුවන් ඒකකයේ දෙවැනියාවූ ගුෂාන්තන්ය. ඉන් අපේ විදේශ සේවාවේ සිටින ඇතැම් නිලධාරින්ගේ හැකියාව මැනවින් සනාථ විය. ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන කොටි ත්‍රස්‌තයකු පවා හඳුනාගැනීමට විදේශ සේවාවේ නිලධාරීන්ට නොහැකිවීම බරපතල අවාසනාවන්ත තත්වයක්‌ නොවන්නේද?

මේ අතර පසුගිය සඳුදා එනතුරු මැලේසියාවේදී අසුවූ කොටි ත්‍රස්‌තයන් ගැන කවුද යන්න මෙරට මාධ්‍යවලට හෙලිවූයේ නැත. එහෙත් මැයි 29 වැනිදා දිවයින මගින් මේ කොටි ත්‍රස්‌තයන් තිදෙනාගේ අනන්‍යතාවය විශේෂයෙන් හෙලිකරනු ලැබූ අතර ඔවුන්ව කුවාලම්පූර් සිට මෙරටට ගෙන ආ බව මුලින්ම අනාවරණය කෙරුණි. කොළඹ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවා එකී කොටි තිදෙනාගේ අනන්‍යතාවය හෙලිකළේ පසුගිය අඟහරුවාදායි.

මෙලෙස අත්අඩංගුවට පත් කොටි තිදෙනාගෙන් එක්‌ ත්‍රස්‌තයෙකුවූ කිරුබාහරන් මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ බෙදුම්වාදී මහාචාර්යවරයකු සමඟත් ඇමරිකාවේ සිටින රුද්රකුමාරන්ගේ අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නැමැති ව්‍යාජ සංවිධානය සමගත් දැඩි සබඳකම් පවත්වන බව අනාවරණය වී ඇත. ඔහු මැලේසියාවේදී මියගිය කොටින්ව සැමරීමටද ක්‍රියාකර ඇත.

ගුශාන්තන්, අන්බරසු සහ සෙල්වතුරෙයි කිරුබානන්දන් නැමැති කොටි ත්‍රස්‌තයන් තිදෙනාගෙන් මැලේසියානු පොලිසිය ප්‍රශ්න කිරීමේදී හෙලිවූයේ කොටි සංවිධානය යළි පණගැන්වීම සඳහා මැලේසියාව කේන්ද්‍රස්‌ථානයක්‌ කරගනිමින් අරමුදල් එකතු කිරීමට ක්‍රියාකර ඇති බවයි.

මෙලෙස කොටි ත්‍රස්‌තයන් සතුව එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත් තිබීම නිසා මැලේසියාවේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ ප්‍රකාශක යාන්තේ ඉස්‌මයිල්ද කලබලයට පත්විය.

මේ ගැන දැඩි විමර්ශනයක්‌ පවත්වන බව ඔහු කියා සිටියේය. මේ අතර කොටි ත්‍රස්‌තවාදින් තිදෙනා ශ්‍රී ලංකා ත්‍රස්‌තමර්දන බලධාරීන්ට භාරදීමට ක්‍රියාකළේ ත්‍රස්‌තයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කරන මැලේසියානු පොලිස්‌පති ටැන් ශ්‍රි කාලිද් අබුබකර්ය. ප්‍රහාකරන් ත්‍රස්‌තවාදියෙක්‌ බව ඔහු වරක්‌ කළ ප්‍රකාශය ගැන මැලේසියාවේ කොටි හිතවාදීන්ගෙන් දොaෂාරෝපණ එල්ලවිය. එහෙත් කොටි ත්‍රස්‌තයන්ට සැඟවීම සඳහා මැලේසියාවතුළ ඉඩක්‌ නැතැයි පොලිස්‌පතිවරයා පළකළේය. මෙකී කොටි ත්‍රස්‌තයන් බටහිර රටකදී පොලිසියට අසුවූවායෑයි මෙරටට බාරදීමට ක්‍රියාකරන්නේ නැත. එය සනාථ වූයේ ප්‍රංශ පොලිසිය ධර්මලිංගම් නැමැති ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කොටි ත්‍රස්‌තයාට ඇප මත මුදාහැරීමයි. මෙයට පෙර මැලේසියානු පොලිසිය කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානි කේ. පී. ද මෑතකදි නෝර්වේහි නෙදියවන් කල්ලියේ නන්දගෝපන්ද අත්අඩංගුවට ගෙන මෙරටට බාරදුන්නේය. ගුශාන්තන් ඇතුළු කොටි ත්‍රස්‌තයින් තිදෙනා මැලේසියානු පොලිස්‌පති විසින් හයදෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පොලිස්‌ නිලධාරින් කණ්‌ඩායමට භාරදීම නිසා පීනැන්ග් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති සී. රාමසාමි දැඩිලෙස කෝපයට පත්විය. ශ්‍රී ලංකාවට බාරදුන් තිදෙනා කොටි ත්‍රස්‌තයන් යෑයි සනාථ කරන්නැයි ඔහු පොලිස්‌පති අඩුබකර්ට අභියෝග කළේය.

එකී තිදෙනාට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය විසින් මැලේසියාවේ රැඳීසිටීමට කාඩ්පත් නිකුත්කර ඇති බවද රාමසාමි කියාසිටියේය. එහෙත් ශ්‍රී ලංකා බලධාරීන්ට භාරදුන් තිදෙනාගෙන් දෙදෙනකුට ගුෂාන්නන්ට සහ සෙල්වතුරෙයි කිරුබානන්දන්ට ජාත්‍යන්තර පොලිසිය වරෙන්තු ප්‍රකාශයට පත්කර තිබූ බව මැලේසියානු පොලිසිය දැන සිටියේය.

එසේම රාමසාමි තවදුරටත් මැලේසියානු පොලිස්‌පතිට අභියෝගකරමින් කොටි තිදෙනා ගැන වාදයකට එන්නැයිද සඳහන් කරනු ලැබීය.

එසේ වූවත් මේ කොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් හඬ නැගූ රාමසාමි කවුදැයි මැලේසියානු රජය හා පොලිසියද දනී. 2003 වසරේ ඊනියා සටන් විරාම ගිවිසුම සමයේ මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රාමසාමි වගන්තියට ගොස්‌ කොටි නායකයන්ට ශ්‍රී ලංකාව තුළ ඊලම රාජ්‍යය ස්‌ථාපිත කරන අන්දම ගැන දේශන පවත්වා තිබිණි.

ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ 2/3 ක මුහුදු කලාපයද ඇතුලත්ව අන්තර්වාර පාලන යෝජනාවලින් කෙටුම්පත් කළේය. ඊලම් ලබාගැනීමට කොටි සංවිධානය එදා රජයට ඉදිරිපත් කළේ එකී යෝජනාවලියය.

කොටි තිදෙනා වෙනුවෙන් කොටි හඬ නැගූ රාමසාමි මෙන්ම මැලේසියාවේ සුආරාම් නමින් හඳුන්වන මානව හිමිකම් සංවිධානයද ඉමහත් සේ කෝපයට පත්වී එකී කොටින්ට ශ්‍රී ලංකාවට භාරදීමට පෙර ඔවුන්ගේ ඥතින්ටත් නීතිවේදින්ට සහ සරණාගත කාර්යාලයටද දැනුම්දී නැතැයි කීවේය.

මේ කොටි තිදෙනාගෙන් කිරුබාහරන් සහ කිරුබානන්දන්ට ද්‍රවිඩ අනාථයන් යෑයි තහවුරු කරමින් සරණාගත කාර්යාලය කාඩ්පත්දී ඇති බව ගුණශාන්තන් ඉදිරිපත් කළ දේශපාලන රැකවරණ අයදුම්පත නිරීක්‍ෂණයට ලක්‌වන බවත් සුආරාම් නැමැති රාජ්‍ය නොවන සංවිධානය සඳහන් කළේය.

මෙම ප්‍රකාශය කලේ එකී සංවිධානයේ ප්‍රධානියා යෑයි කියන තේවරාජන් නැමැති ද්‍රවිඩයෙකි.

ගුශාන්තන් නැමැති කොටියා මැලේසියානු ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අල්ලා ගැනීමෙන් මොහොතක්‌ තුළ ඔහු වෙනුවෙන් නිව්සික්‌ සෙව් නැමැති නීතිවේදියකු ඉදිරිපත්වී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා එකී තිදෙනා මැලේසියාවට පැන ආ බවත් ඉන් ගුශාන්තන්ට මැලේසියාවට ඒමට වලංගු වීසා බලපත්‍රයක්‌ ඇතිබවත් දක්‌වා ඇත.

එසේම කොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් පෙනී සිටි මේ නීතිවේදියා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක්‌ සිදුවන බවටද චෝදනා නැගීය.

සුආරාම් නැමැති එකී සංවිධානය හා නීතිවේදී නිව් සික්‌ සෙව් දැන් සූදානම්වන්නේ මැලේසියානු පොලිස්‌පති කාලිද් අබුබකර් එම කොටි ත්‍රස්‌තයන් තිදෙනාගේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව කියමින් ඔහුට එරෙහිව නඩු පැවැරීමයි.

ඒ සඳහා ඔවුන් අපූරු තර්කයක්‌ද ඉදිරිපත් කර තිබේ. ඒ ශ්‍රී ලාංකික කොටි තිදෙනා ත්‍රස්‌තයන් බව මැලේසියානු අධිකරණය හමුවේ සනාථ කිරීමට පොලිස්‌පති අබුබකර් ක්‍රියාකර නැති බවයි.

මේ අතර හියුමන් රයිට්‌ස්‌ වොච් නැමැති ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ ආසියානු නියෝජ්‍ය අධ්‍යක්‍ෂක පිල් රොබට්‌සන් නැමැත්තාද කොටි ත්‍රස්‌තවාදීන් තිදෙනාව මැලේසියාව විසින් ශ්‍රී ලංකාවට භාරදීම ගැන එරෙහිවිය.

මේ කොටි තිදෙනා ශ්‍රී ලංකාවට භාරදීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක්‌ යෑයිද ඔහු කියාසිටී.

එසේනම් ඇµaගනිස්‌ථානයේ සහ යේමනයේ අල්කයිද්‍රd ත්‍රස්‌තයන් කියුබාවේ ගුත්තනාමෝබේ සිරකඳවුර වෙත ගෙනඒමට ඇමරිකානු රජය ක්‍රියාකළේ කෙසේද?

මැලේසියාව කොටි තිදෙනා මෙරටට බාරදුන්නේ එම රාජ්‍යය අනාථයන් පිළිබඳ 1951 ප්‍රඥප්තියට දායක වී නැති නිසාය.

2004 සහ 2009 දී ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට පැමිණි මේ කොටි තිදෙනා ගැන මෑතකදී අත්අඩංගුවටගත් නන්දගෝපන්ද හෙලිකළ තිබුණි. ඔහුද සැඟවී සිටියේ මැලේසියාවේයි.

ගුෂාන්තන් කිරුබාහරන් සහ කිරුබානන්දන් ගතවූ වසර 10 තිස්‌සේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත්වලට මුවාවී සිය ත්‍රස්‌තකටයුතු මෙහෙයවනු ලැබීය.

කොටි ගුවන් ඒකකයේ අංක 2 ලෙස ක්‍රියාකල ගුශාන්තන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය අළුත් කිරීමට ලබාදුන්නේ නිකමට නොව සාමාන්‍ය ද්‍රවිඩයකු ලෙස කොළඹට පැමිණ යාපනයට ගොස්‌ කොටි හිතවාදීන් සමඟ සාකච්ඡාකර ආපසු මැලේසියාවට යැමට බව පැහැදිලිය.

ගුෂාන්තන්ගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයද දැන් මෙරට ත්‍රස්‌තමර්දන බලධාරීන් අතට පත්වී ඇත.

මුල්ලේචෙල්වම් යන කොටි නාමයෙන් හැඳින්වූ ගුෂාන්තන්ට අමතරව සෙල්ලතුරෙයි කිරාබානන්දන් 2006 දී මැලේසියාවේ කුවාලම්පූර් නගරයට පැමිණි බව හෙලිවිය.

ඔහු කොටින්ගේ ටොසී බුද්ධි සේවාවේ කොළඹ ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකර ඇතැයිද අනාවරණය වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැලේසියාවේ ඉහල පෙලේ බලධාරීන් හමුවී කොටි සංවිධානය යළි නගාසිටුවීමට දරණ උත්සාහයක්‌ ව්‍යාර්ථ කිරීම සඳහා සහය පතා තිබුණි.

මෙකී කොටි ප්‍රබලයන් තිදෙනාගෙන් මහාදේවන් කිරුබාහරන් නමැත්තා 2002 වසරේ නෝර්වේ රාජ්‍යයට ගොස්‌ 2004 දී කුවාලම්පූර් නගරයට පැමිණ ඇතැයිද හෙලිවිය.

බෙදුම්වාදි ක්‍රියාදාමය මෙරට යළි පණගැන්වීමට උත්සාහ කළ මෙකී කොටි ත්‍රස්‌තාවාදීහු තිදෙනා ගැන වැඩිදුරටත් තොරතුරු හෙලිවෙද්දී මැලේසියානු ඩී. ඒ. ජී. පක්‍ෂයේ උප සභාපති එම්. කුලසේගරන් නැමැත්තාද ඔවුන් වෙනුවෙන් හඬ නගා ඇත.

මැලේසියා බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට බාරදුන් තිදෙනා ද්‍රවිඩයන් බවත් ත්‍රස්‌තවාදින් නොවන බවත් ඔහු ප්‍රකාශකර ඇත.

මේ අතර මේ සතියේ වාර්තාවූ තවත් පුවතක්‌ නම් ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 රූපවාහිනියට සාවද්‍ය වීඩියෝ දර්ශන යෑවූ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. කණ්‌ඩායමට සහයවූ බර්ලින් නුවර සිටින රංජිත් හෙන්නායක ලෝහොබියර් හෙවත් බඩල්ගම් බර්ටිගේ බිරියවූ බාබාරා යුරෝපා පාර්ලිමේන්තුවට පත්වීමයි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.