නැගෙනහිර වෙරළ ගිනි තියන දේශපාලන පුත්තලම් බූරුවෝ!

පන්නන්න හදන්නෙ සිංහල මිනිස්‌සු...

දැනටමත් පවුල්15ක්‌ මහ පාරේ...

දේශපාලකයන් කීදේ නෑසුවොත් කඩ ගිනිබත් වෙනවා...



ආයාසයෙන් අසා හිඳිමු. හදවත් කම්පා කරවන මෙවැනි කතා තව කොතෙක්‌ දුරට අසා සිටිය යුතුදැයි වටහාගත නොහේa. උතුරෙන් ඇසෙන්නේද, නැගෙනහිර ඇසෙන්නේද, දකුණෙන් ඇසෙන්නේද, රටේ බොහෝ ප්‍රදේශවලින් ඇසෙන්නේද, පුත්තලමේ වෙළෙඳුන් කියන්නේද එකම කතාවකි. එනම් ස්‌වකීය ජන්ම භූමියේ නිදහසේ ජීවත් වන මිනිසුන් අහිකුණ්‌ඨිකයින් කර පලවාහැරීමේ තිරිසන්කම කියෑවෙන කතාවය.

කොළඹ මෙන්ම රටේ බොහෝ නගර හැඩ කිරීමට ජරාවාස වූ කඩ පිල් ඉවත් කරන බව සැබෑය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම නගර ඉතාම සුන්දර ලෙස හැඩ වී ඇති බවද සැබෑය. එහෙත් ඒ සුන්දරත්වයට යටින් මහා ෙ€දනීය කතාවක්‌ ගලා යන බව ද අමතක නොකළ යුතුය. අලුත් වන කොළඹ වෙළඳසල් අහිමි ඇතැම් ව්‍යාපාරිකයන්ට තවමත් වෙළෙඳසල් ලැබී නැති බැවින් ඔවුහු ජීවත් වීමට නොකරන අටමගලයක්‌ නැති බවද මතක තබා ගත යුතුය. පුත්තලම නගරයේ සිංහල පේව්මන් වෙළෙඳුන්ට අත් වී ඇත්තේද ඒ ඉරණමමය. දැන් පුත්තලම් කළපුව තීරයේ ව්‍යාපාර කරගෙන යන මිනිසුන්ට අත්වෙන්න යන්නේද ඒ ඉරණමමය. එහෙත් ඒ කතාව තරමක්‌ වෙනස්‌ය. දැන් අපේ කතාව මොහොතකට නතර කර ඒ වෙනස්‌ කතාව පුත්තලම් කළපු තීරයෙන් පාරට වැටෙන්න යන මිනිසුන්ගේ හඬින්ම පැවසීම යහපත් යෑයි අපි අදහස්‌ කළෙමු.

"අපි මෙතැන වෙළෙඳාම් කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දාහතක්‌ විතර වෙනවා. කළපුව දිගට කඩ පනහකට වැඩියි. මෙච්චර කාලයකට අපිට කිසිම ප්‍රශ්නයක්‌ ආවේ නැහැ. පාඩුවේ රස්‌සාව කරගෙන හිටියා. දැන් නගර සභාවෙන් කියනවා අපිට මෙතැනින් ඉවත් වෙන්න කියලා. එහෙම කියන්නෙත් සිංහල මිනිස්‌සුන්ට විතරයි. මුස්‌ලිම් අයගේ කඩ අනවසර නෑ. එහෙම වෙන්න බැහැනේ. අපි අහසින් වැටුණු මිනිස්‌සු නෙමෙයි. මේක අපේ උපන් බිම. අපිට තියෙන්නේ මේ රට විතරයි. එහෙම එකේ ඔය එක එකා බුරන පළියට අපිට දුවන්න බැහැ. අපි බොහෝම අහිංසක විදිහට ජීවත් වෙන මිනිස්‌සු. ඒත් මහත්තයෝ නගර සභාවේ සභාපතිට ඕන විදිහට නටන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. සිංහල මිනිස්‌සු විතරක්‌ ඉන්න වෙලාවක නගරාධිපති මෙතැනට ඇවිත් කියලා තියෙනවා එයාගේ කට්‌ටිය මුත්‍රා කළොත් පුත්තලමේ සිංහලයව කළපුවට ගහගෙන යනවා කියලා. අපිත් මේ ඔරු බෝට්‌ටු සූදානම් කරගෙන ඉන්නේ එහෙම වුණොත් කොහොමහරි උඩට එන්න. සමහර අය කියනවා සභාපති නරක මිනිහා හැපේපෙන්න එපා කියලා. මේ රට බේරගන්න කොටිත් එක්‌ක සටන් කළේ අපේ සිංහල කොල්ලෝ. එහෙම එකේ අසාධාරණය ඉදිරියේ ඕන නරක මිනිහෙක්‌ එක්‌ක හැපෙන්න අපිටත් හයියක්‌ තියෙනවා මහත්තයෝ...

අපේ කඩ කෑල්ලක්‌ පොඩ්ඩක්‌ වෙනස්‌ කළොත් නගර සභාවෙන් දුවගෙන එනවා. ඒත් මුස්‌ලිම් අයගේ ව්‍යාපාර දවසින් දවස උස්‌ මහත් වෙනවා. පුත්තලම නගරයේ ඕන තරම් රජයේ ඉඩම් තියෙනවා. ඒවා දෙන්නේ මුස්‌ලිම් අයට විතරයි. අපිට දෙන්නේ නැහැ. මේ කඩ කාමර නැති වුණොත් අපි කොහොමද ජීවත් වෙන්නේ... කළපුවට පැනලා මැරුණත් අපි මෙතැනින් එහාට අඩියක්‌වත් තියෙන්නේ නැහැ. අපිට මුස්‌ලිම් මිනිස්‌සු එක්‌ක කිසිම ගැටලුවක්‌ නැහැ. ගැටලුව තියෙන්නේ නැති ජාතිවාදයක්‌ අවුස්‌සන්න හදන පුත්තලමේ දේශපාලුවොත් එක්‌ක... ඒ වගේම කළපු තීරය ලස්‌සන කරනවට අපි විරුද්ධ නැහැ. ඒක හොඳ වැඩක්‌. නගරයත් දියුණු වෙනවා. ඒත් ඒ දේවල් කරන්න සැලසුමක්‌ තියෙන්න ඕනා. අපේ කඩ ඉවත් කරන හේතුව ගැන අපට කියලා නැහැ. මෙතැනින් කඩ ඉවත් කරලා ඒකට හරියන්න අපට ඉඩම් දෙන තැනක්‌ කියලා නැහැ. නගරයේ වෙළෙ¹ම් කරන අයට මහ කැලේ ඉඩම් දීලා වැඩක්‌ නැහැ. නිලධාරීන් ඒ දේවල් ගැන හිතන්න ඕනා මේවා සැලසුම් කරන්න ඉස්‌සර වෙලයි. අවුරුදු ගානක්‌ මේ කඩ කාමරවලට අපි නගර සභාවට බදු ගෙව්වා. එහෙම කරද්දී බල්ලෝ බලල්ලු වගේ එක පාරට අපිව පාරට ඇදලා දාන්න බැහැ.

අපි බබාලා නෙමෙයි. අපිට තේරෙනවා මේ කරන්න යන්නේ මොකක්‌ද කියලා. අපේ කඩ ටික ඉවත් කරලා කළපුව දිගට තියෙන ඉඩම්වලට හොර ලියකියවිලි හදලා කෝටිපතියන්ට විකුණන්න යන්නේ. පුත්තලමට ඕක අලුත් දෙයක්‌ නෙමෙයි. කාලයක ඉඳලම රජයේ ඉඩම්වලට ඕය දේ කරනවා. පුත්තලමේ නගර සභාවේ හැතිකරයගේ කෙරුවාව අපි හොඳට දන්නවා. අපේ මනාපයෙන් මන්ත්‍රී පට්‌ටම අරගෙන දෙපයින් නගර සභාවට රිංගපු උන් අවුරුද්දක්‌ යනකොට ඉගිsලෙන්නේ සුපිරි වාහනවලින්. එහෙම කොහොමද එකපාරට කෝටිපතියෝ වෙන්නේ...." පුත්තලම් කළපු ජල කඳ හඬන රිද්මය පරයමින් ගලා යන ඒ මිනිසුන්ගේ පොදු හඬ සවන් පාරන්නා සේය. එහෙත් අප කාලයක සිට අසමින් සිටින්නේද ඇඟ හිරිවට්‌ටන මේ කලකණ්‌ණිකමේ අඳෝනාවමය.

පුත්තලම නගරය ආරම්භයේ සිට කොළඹ මාර්ගයේ කිලෝ මීටරයක්‌ පමණ ඈතට විහිඳී යන තෙක්‌ කළපු තීරයේ එක පෙළට කඩ පෙළකි. කෑම කඩ, රෙදි වෙළෙඳසල්, මාළු වෙළෙඳසල් සහ විවිධ වෙළෙඳසල් මෙන්ම මෝටර් රථ අලුත්වැඩියා ගරාඡ් ද ඒ අතර වෙති. ඒ සෑම වෙළෙඳසලක සේම සේවා ස්‌ථානයකම හිමිකරුවන් දැන් අප වටා එක්‌ රොක්‌ව සිටින්නාහ. මෙතෙක්‌ කාලයක්‌ හදවත් තුළ තෙරප ගෙන සිටි පීඩනය දැන් ඔවුහු අප ඉදිරියේ පිට කරන්නාහ.

"අපේ කඩ ඉවත් කර ගන්න කියලා පුත්තලම නගර සභාවෙන් කිහිප වතාවක්‌ම දැනුම් දුන්නා. ඒත් අපි ඉවත් කර ගත්තේ නැහැ. ඊට පස්‌සේ අපේ කඩේට ගිනි තිබ්බා. කවුරු කළාද කියලා අදටවත් දන්නේ නැහැ. මේක සිංහලයාව නගරයෙන් එළවන්න නගර සභාව කරන කුමන්ත්‍රණයක්‌. මේවා කරන්නෙ පුත්තලම නගර සභාවේ සභාපති සහ මුස්‌ලිම් අන්තවාදී සංවිධාන. මේ කඩ ඉවත් කරගෙන අපිට යන්න තැනක්‌ නැහැ. මරාගෙන මැරුණත් අපි මෙතැනින් යන්නේ නැහැ..." පුත්තලම් කළපුවේ කඩ කුඩු කර පාරට දමන මිනිසුන්ගේ පොදු හඬ අතරින් ඡේ. බී. කාන්තිලතාගේ හඬ ඉස්‌මතු විය.

පුත්තලම නගරය භීතියට පත් කරවන දේශපාලන බලයේ තරම කොතෙක්‌ද කියතොත් ප්‍රාදේශීය දේශපාලනඥයන් කියන විදිහට වැඩ නොකළොත් කඩ කුඩු වී ගිනි බත් වී යන්නේය. මැර ප්‍රහාර හමුවේ අහිංසක වෙළෙඳුන්ගේ ඇට කුඩු වී යන්නේය. මෙවැනි කැලෑ නීතියක්‌ ක්‍රියාත්මක වන පුත්තලම වෙනත් කොදෙව්වක නම් නොව අපේම රටේ ප්‍රදේශයකි. එනම් පුත්තලම යනු මෙරට වයඹ දිග වෙරළබඩ අඩ තැන්නෙහි පිහිටි සුන්දර ප්‍රදේශයකි. වර්ග සැතපුම් හැත්තෑ එකකින් සමන්විත පුත්තලම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය උතුරින් වනාත විල්ලුවටත්, දකුණින් මුන්දලමටත්, නැගෙන හිරින් මහකුඹුක්‌කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටත් බටහිරින් පුත්තලම් කළපුවටත් මායිම්ව ඇත. එමෙන්ම පුත්තලම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසම් විසි දෙකකි. එයින් වසම් දාහසයක්‌ පුත්තලම මැතිවරණ කොට්‌ඨාසයට අයත් වන අතර හයක්‌ ආණමඩුව මැතිවරණ කොට්‌ඨාසයේ පිහිටා ඇත. මෙම ග්‍රාම නිලධාරී වසම් විසිදෙක තුළ ගම්මාන අසූ හයකි. මෙම ගම්මානහි බෞද්ධ, කතෝලික, ඉස්‌ලාම් සහ හින්දු ආගමිකහු ද ජීවත් වන්නාහ. එමෙන්ම සිංහල, මුස්‌ලිම් සහ දෙමළ ජනතාවට අමතරව කැෙෆaර් (කාපිරි), මැලේ, අහිකුණ්‌ඨික සහ පරංගි යන විවිධ ජාතීන් ද ජීවත් වෙති. පසුගිය කාලයේ පැවති යුද ගැටුම් හේතුවෙන් උතුරු නැගෙනහිර අවතැන් වූ මුස්‌ලිම් පවුල් විශාල සංඛ්‍යාවක්‌ ද පුත්තලම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පදිංචිව සිටිති. සිංහල රජ දවසෙනුත් ඔබ්බට යන ඉතිහාසයකට උරුමකම් කියන පුත්තලම ප්‍රදේශයේ අතීතයේ සිට විවිධ ජාතීන් සාමූහිකත්වයෙන් ජීවත් වුවද කාලයක සිට ඇතැම් අන්තවාදී සංවිධාන පුත්තලමේ සිංහල ජනතාවට නිරන්තරයෙන්ම හිරිහැර කරන බව විටින් විට වාර්තා වන්නාහ. පුත්තලමේ පැරැණි පදිංචිකරුවකු වන විලියම් රාජපක්‍ෂ මහතා කියන කතාවෙන් ඒ බව මොනවාට තහවුරු වන්නේය.

"මම පුත්තලමට ආවේ 1966 අවුරුද්දේ. කිවුල කැලේ තරුණයෝ හයසීයක්‌ පදිංචි කරපු වේලාවේ කැලේ කපන කොන්ත්‍රාත්තුව කළේ මමයි. 1988 ගම් උදාවේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා පුත්තලම නගරයෙන් සිංහල ව්‍යාපාරිකයන්ටත් ඉඩම් දෙන්න කියලා පුත්තලම නගර සභාවට නියෝග කරලා තිබුණා. ඒත් ඒ ඉඩම් සිංහල මිනිස්‌සුන්ට දුන්නේ නැහැ. ඔය කාලේ මමත් කළපු තීරයේ ඉඩමක්‌ භුක්‌ති වින්දා. ඒ කාලේ ඉඩම්වල වටිනාකමක්‌ නැහැ. ඒත් 1994 අවුරුද්දේ හිටපු නගරාධිපති මගේ ඉඩම කොටු කරගන්න යනවා කියලා මට දැනගන්න ලැබුණා. පස්‌සේ මම නඩු දැම්මා. නඩුව යන අතරතුර එක එක විදිහෙ තර්ජන ගර්ජන ආවා. ඒත් මම වැටුණේ නැහැ. අන්තිමේ මම නඩුව පැරදුනා. නැවත මම නඩුව ඇපිල් කරලා තියෙනවා"

පුත්තලම නගරයෙන් සිංහල ව්‍යාපාරිකයන් ඉවත් කිරීමට ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලනඥයන් කිහිප වතාවක්‌ උත්සාහ කර ඇත. එහෙත් එය පූර්ණ යථාර්ථයක්‌ බවට පත් කරගැනීමට නොහැකි වී ඇත. අවසානයේ පුත්තලමේ මුස්‌ලිම් ප්‍රදේශීය දේශපාලඥයෝ නගරයේ පදික වෙළෙඳාම් කළ අහිංසක සිංහල මිනිසුන්ව පදිකයෙන් බිමට ඇඳ දැමූහ. එසේ අනාථ කර දැමූ පවුල් පහළොවක්‌ පමණ අදටත් ජීවිත ගැටගසා ගැනීමට ජීවන වෘත්තියක්‌ නොමැතිව දුක්‌විඳිති.

"අවුරුදු විස්‌සක්‌ විතර අපි පුත්තලම නගරයේ වෙළෙ¹ම් කළා. අවුරුද්දකට රුපියල් 44000 ක්‌ විතර නගර සභාවට බදු ගෙව්වා. එහෙම කරද්දී තමයි අපිට නගරයේ වෙළෙ¹ම් කරන එක නගරාධිපතිතුමා තහනම් කළේ. අපි බිස්‌නස්‌ කරගෙන ගියේ බැංකු ණය වගේම පුද්ගලික ණය අරගෙන. දැන් ඒ ණය ගෙවා ගන්න විදිහක්‌ නැහැ. ණයකාරයෝ ගෙවල්වලට එන නිසා සමහර අය ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා. කතා කරලා වැඩක්‌ නැහැ මහත්තයෝ අපි නන්නත්තාරයි. ඇමැතිවරයා මුණගැහිලා කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. දැන් උඩ ඉන්න දෙයියන්ට කියනවා හැරෙන්නට වෙන කරන්න දෙයක්‌ නැහැ..." ඒ පුත්තලම නගරයේ පදිකයෙන් පාරට වැටුණු මිනිස්‌සු කියන කතාවය.

පුත්තලමේ අසරණයන් කතා කර අහවරය. දැන් අපටත් කියන්නට දෙයක්‌ ඇත. ප්‍රථමයෙන්ම මේ ටික කියමු. අප මේ සටහන තබන්නේ කියවා කුණු රසය විඳින්නටවත්, මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වන ඇතැම් බෞද්ධ සංවිධානවලට තවත් පසුතලයක්‌ නිර්මාණය කිරීමටවත් නොවේ. ජාතියට වෙන්නට යන වින්නැහිය තේරුම් කරදීමට පමණි.

අප තේරුම්ගත යුත්තේ මෙපමණකි. දීඝවාපියේ බෞද්ධ සිද්ධාස්‌ථාන විනාශ කළද, නැගෙනහිර පළාතේ සියලු රක්‌ෂිත ගම්මාන කළද, පුත්තලම නගරයේ සිංහල ව්‍යාපාරිකයන් පාරට ඇද දැමුවද ජාතියක්‌ වශයෙන් අපි අසරණය. අන්ත අසරණය. මනාපය ඉදිරියේ කශේරුකාව කුඩු කරගත් බලධාරීන් පාලනය කරන රටක එයට වඩා යමක්‌ අපට බලාපොරොත්තු විය නොහැකිය. එහෙව් පාලකයන් සිටින මෙහෙව් රටක අනාගතය කෙබඳු එකක්‌ වේද යන්න අප තුළ මතු වන්නේ සැකයකි.

තරංග රත්නවීර
රුවනි පෙරේරා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.