වෛද්‍ය නිර්දේශ නැතිව බෙහෙත් දුන්න
කරාපිටියේ ෆාමසි 4 කට වැඩ වරදියි


ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

වෛද්‍ය වට්‌ටෝරු නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ යෙදුන ඖෂධ ශාලා හිමියන් සිව් දෙනකු (29 දා) ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කරාපිටිය ප්‍රදේශයෙදීa අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල කරාපිටිය රෝහල ආශ්‍රීතව පවත්වා ගෙන ගිය මෙම ඖෂධ ශාලාවලින් වෛද්‍යවරුන් විසින් නිකුත් කරනු ලබන නිර්දේශ නොමැතිව ඖෂධ නිකුත් කර ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක කේ. එච්. ජයරත්න, හම්බන්තොට ආහාර හා ඖෂධ පරීක්‍ෂක වයි. වී. සිල්වා, මාතර ආහාර හා ඖෂධ පරීක්‍ෂක එස්‌. එෆ්. හපුආරච්චි යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.