පාසල් ළමුන්ගෙන් මිලියනයකට රක්‌තහීනතාව
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය පූජිත වික්‍රමසිංහ


ඒමන්ති මාරඹේ

මෙරට මිලියන 4ක්‌ පමණ වන පාසල් ළමුන්ගෙන් හතරෙන් එකක්‌ හෙවත් මිලියනයක්‌ පමණ දෙනා රක්‌තහීනතාවයෙන් (නීරක්‌තිය) පෙළෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.

රක්‌තහීනතාවයට අමතරව පාසල් ළමුන් බහුතරය පෝෂණ ඌණතාවන් වන කෘෂ බව, මිටි බව යන තත්ත්වයන්ගෙන් මෙන්ම ළමා අවධියේ ඇති වන තරබාරුකමින් පෙළෙන බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා කීවේය. පාසල් ළමුන් අතර මෙම පෝෂණ ඌණතාවන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ උදෑසන ආහාරය නොගැනීම, ආහාර වේල් මග හැරීම, කෘත්‍රීම ආහාර භාවිතය, සත්ත්ව ප්‍රොaටීන් අවම වශයෙන් ආහාරයට එක්‌ කර ගැනීම, ආහාර පිළිබඳව පවතින දුර්මතයන්, ගුණාත්මක බවින් අඩු ප්‍රෝටීන් සහිත ආහාර හා යකඩ, විටමින්, ඛනිජ ලවණ ආදී පෝෂකවලින් තොර ආහාර භාවිතය යන සාධකයන් බව හෙතෙම අවධාරණය කළේය.

පාසල් ළමුන්ගේ පෝෂණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා 'නැණබල සවියයි - නිසි පෝෂණයයි' මැයෙන් පෙරේදා (03දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.