නිවෙස තනාගන්න සෞදි ගිය
"නිලුකා" ඝාතනය කළා යෑයි සැක!

ස්‌වාමිපුරුෂයා සහ දියණිය ආබාධිත තත්ත්වයේ

'රජයෙන් සාධාරණය ඉටුකරන්න'

ක¹න විශේෂ - රුක්‌මන් පින්තු

2013 වර්ෂයේ දෙසැම්බර් මස ගෘහ සේවිකාවක්‌ ලෙස සෞදි රාජ්‍ය බලා ගිය අංක 40 ලේක්‌ සයිඩ් වත්ත බටුවත්ත රාගම පදිංචිව සිටි නිලුකා දමයන්ති (34) නමැති කාන්තාව පසුගිය පෙබරවාරි මස 24 වැනි දින සැක සහිත ලෙස මියගිය බවට සෞදි රාජ්‍යයේ සිට නිවැසියන්ට තොරතුරු ලැබී තිබිණි. එම මියගිය කාන්තාවගේ මෘත දේහය මාස හතරකට පසු ගුවන් මගින් ඊයේ (4 වැනිදා) සවස ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. නිලුකා දමයන්තිගේ පවුලේ අය පවසන්නේ ඇය සේවය කළ නිවසේ අයිතිකාර කාන්තාව කෲර ලෙස පහර දෙන බවට නිලුකා දුරකථනය ඔස්‌සේ සෞදි සිට තමන්ට දැනුම් දුන් බවයි. සෞදි රාජ්‍යයේදී පහර කෑමට ලක්‌ව ඇය ඝාතනය වූ බවට නිලුකාගේ පවුලේ අය සැක කරති. තම නිවස සම්පූර්ණ කර ගැනීමට විදේශගත වූ නිලුකා දමයන්තිගේ ස්‌වාමිපුරුෂයා හා දියණිය ආබාධිත තත්ත්වයේ පසුවන අතර ඇය වෙනුවෙන් ස්‌වාමිපුරුෂයාට හා දරු දෙදෙනාට සාධාරණයක්‌ ශ්‍රී ලංකා රජය ඉටුකරනු අතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.