කුරුණෑගල රෝහලේ
විකිරණ යන්ත්‍රවලටත් බැරි බැරියාව
බාහිර හා නේවාසික රෝගීන්ට දැඩි දුෂ්කරතා

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ විකිරණ යන්ත්‍ර තුනම අක්‍රීය වීම නිසා රෝහලට දිනපතා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු ද දැඩි අපහසුතාවයකට පත්ව සිsටිති.

විශේෂ රෝගී අවස්‌ථාවන් පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා යොදා ගන්නා විකිරණ යන්ත්‍රයෙන් කල්වේලා ඇතිව රෝගියාට දින නියම කර අදාළ විකිරණ පරීක්‍ෂණ සිදු කරන අතර එම යන්ත්‍රය විටින් විට අකර්මන්‍ය තත්වයට පත්වේ. යල්පැන ගිය වසර ගණනක්‌ පැරණි මෙම විකිරණ යන්ත්‍රවලින් නියමිත සේවාවන් ලබාගත නොහැකි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෑතකදී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ලැබුණ විකිරණ යන්ත්‍රයේ තත්ත්වය පිළිබඳව ගැටලුවක්‌ තිබෙන බවත් මෙම යන්ත්‍රය නිෂ්පාදනය කළ රට නියමිත වශයෙන් සඳහන් කළ නොමැති බවත් එක්‌ එක්‌ රටවලින් නිෂ්පාදිත කොටස්‌ එකතුව නිර්මාණය කළ යන්ත්‍රයක්‌ බවත් රෝහලේ විකිරණ අංශයේ නිලධාරියෙක්‌ පැවසීය.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දන්ත සායනයේ විකිරණ යන්ත්‍රයද නිතර නිතර අක්‍රීය වීම නිසා රෝගීහු දැඩි අපහසුවකට පත්වී සිටිති. එමෙන්ම රෝහල සතුව පවතින එකම ජංගම විකිරණ යන්ත්‍රය ද බොහෝ විට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී පවතී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.