මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ
බංගලාදේශයෙන් ගෙන්වීමට යයි


රනිල් ධර්මසේන

මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ අඛණ්‌ඩව බංගලාදේශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා ඉදිරි දින කිහිපය තුළ බංගලාදේශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය.

ශ්‍රී ලංකාව වාර්ෂිකව ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 30 ක්‌ පමණ වැය කරනු ලබන අතර ඉන් ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 17 ක්‌ පමණ වැයවේ.

ඖෂධ අවශ්‍යතාවයෙන් මෙරට බටහිර ඖෂධ නිෂ්පාදකයන් විසින් සපයනු ලබන්නේ සියයට 15 කට ආසන්න ප්‍රමාණයකි. ඉතිරිය ජාත්‍යන්තර ටෙන්ඩර් මගින් මිලදී ගනු ලබයි.

බංගලාදේශයෙන් අඛණ්‌ඩව ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට අදාළ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය ලබාගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.