පිළිකා රෝහලට එන කාන්තාවන් වැඩි පිරිසකට පියයුරු පිළිකා

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ප්‍රතිකාර සඳහා මහරගම පිළිකා රෝහලට පැමිණෙන කාන්තාවන් ගෙන් වැඩිම පිරිසක්‌ පියයුරු පිළිකා රෝගීන් බවට තොරතුරු හෙළිවී ඇත.

පසුගිය වසරේදී (2013) පමණක්‌ පියයුරු පිළිකා රෝගීන් 1250 දෙනකු වාර්තා වී ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

ජානමය හේතූන් පියයුරු පිළිකාවලට ප්‍රධානතම හේතුවක්‌ බවද ඒ මහතා කීය.

පියයුරු පිළිකා රෝගීන් අතර පිරිමි පුද්ගලයන්ද සිටින බව හෙතෙම කීවේය. මේ අතර වායු දූෂණය හේතුවෙන් පෙනහලු පිළිකා රෝගයට ගොදුරු වූ රෝගීන් 600 ක්‌ පමණ ඉකුත් වසරේදී වාර්තා වී තිබේ. ඩීසල් දුමාරය මේ අතර ප්‍රධාන වන බවත්, ඉන්ධන පිරවුම්හල් සේවකයන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.