දිවයින පුවත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි

ඩෙංගු උවදුර මැŽම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ කමිටුවක්‌ පත්කළේ ජනාධිපති කාර්යසාධක බළකායට අමාත්‍යාංශවල සහයෝගය ලබා නොදෙන බව විෂය භාර ඇමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ 'දිවයින'ට ඊයේ (15 දා) ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ සහභාගිත්වය යටතේ සහ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන, පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති පළාත් පාලන හා පළාත් සභා, අධ්‍යාපන යන අමාත්‍යාංශ ලේකම්වරු හෝ අතිරේක ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක්‌ පත් කරන ලෙසට උපදෙස්‌ දී තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඩෙංගු පාලනය කරගත නොහැකිව තිබෙන්නේ ජනාධිපතිවරයා 2010 දී පත් කළ ජනාධිපති කාර්යසාධක බළකාය අකර්මන්‍ය වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු පරිපාලන ප්‍රධානියකු පිහිටුවූ කමිටුව නිසා යෑයි පසුගිය 13 දා දිවයින පත්‍රයේ පළවූ පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඉහත නිලධාරියා මෙසේද කීය.

ජනාධිපති කාර්ය සාධක බළකායට අවශ්‍ය සහය අදාළ අමාත්‍යාංශ ලබා නොදෙන බව සෞඛ්‍ය ඇමැතිතුමා ඇමැති මණ්‌ඩලයට දැනුම් දුන්නා. මෙය අතිශය වැදගත් සහ ප්‍රමුඛතාව ලබාදිය යුතු කරුණක්‌ බව අවධාරණය කළ ජනාධිපතිතුමා මදුරු මර්දන වැඩසටහන්වල ප්‍රගතිය ෙත්‍රෙමාසිකව අධීක්‍ෂණය කිරීමට හා ජනාධිපති කාර්ය සාධක බළකාය සහයෝගය ලබාදීම සඳහා සෞඛ්‍ය ලේකම්තුමා යටතේ කමිටුවක්‌ පත් කළා. එනිසා මෙම කමිටුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් ජනාධිපති කාර්ය සාධක බළකාය අකර්මන්‍ය කරන්න පත් කළ කමිටුවක්‌ ලෙස හැඳින්වීම වැරදියි... යෑයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.