තොණ්‌ඩමන් යන රැස්‌වීම්වලට දොස්‌තරලා යන්නේ නෑ

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්‌ඩමන් මහතා සහභාගි වන දිවයිනේ කිසිදු රැස්‌වීමකට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් වන වෛද්‍යවරුන් හෝ එම සංගමයේ පරිපාලන නිලධාරීන් සහභාගි නොවීමට තීරණයක්‌ ගත් බව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක්‌ පැවසීය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඊයේ (22 දා) පෙරවරුවේ කොළඹදී පැවති විශේෂ රැස්‌වීමකදී මෙම තීරණයට එළඹි බව එම සංගමය පවසයි.

තම සංගමයේ මෙම තීරණයට පටහැනිව ක්‍රියා කරන ඕනෑම සාමාජිකයකුට තරාතිරම නොබලා සංගමයේ විනය නීති මාලාව අනුව දැඩි තීරණයකට එළඹෙන බව පවසන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මීට ප්‍රථම අවස්‌ථා දෙකකදී තොණ්‌ඩමන් අමාත්‍යවරයා තම සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකුට මෙවැනිම ආකාරයේ තර්ජනය කිරීම් කර තිබූ නිසා ඒ පිළිබඳව ද සලකා බලා මෙලෙස දැඩි තීරණයකට එළඹෙන බව ද පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.