සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයට එරෙහිව
පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අද සටනේ


ඒමන්ති මාරඹේ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) හෙදියන් යටතේ රාජකාරී කටයුතු කළ යුතු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (26 වැනිදා) සිට සිය සේවා කටයුතුවලින් ඉවත් වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

දිවයින පුරා සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 8000 ක්‌ පමණ දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සහභාගී වන බව එම සංගමය කියයි. නව සෞඛ්‍ය ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේඛය ඉකුත් 18 වැනිදා නිකුත් කර ඇති අතර එයට තම සංගමය විරෝධය පළකර සිටින බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය පැවැසුවාය.

මේ අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මෙතෙක්‌ කටයුතු කරන ලද්දේ හෙද පරිපාලනය යටතේ වන අතර එම තත්ත්වය වෙනස්‌ කරනවාට තම සංගම් විරුද්ධ බව පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.