වින්නඹු සටනින් සෞඛ්‍ය වැඩවලට බාධා

ඒමන්ති මාරඹේ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) අටදහසක්‌ පමණ දෙනා ඊයේ (26 දා) සිට සිය සේවා කටයුතුවලින් ඉවත් වීමෙන් ගෙන් ගෙට ගොස්‌ ළමා හා මාතෘ සෞඛ්‍ය පිරික්‌සීමේ හා සෞඛ්‍ය වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෑවීමේ කටයුතු අඩාල වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එම නිලධාරිනියන් සූතිකාගාර සේවයෙන්ද ඉවත්වී ඇතත් එම කටයුතු හෙද නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පරිපාලනය යටතේ කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය විසින් ඉකුත් 18 වැනිදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය අහෝසි කරන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ බව පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.