ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන්
ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ
මෙරට දේශපාලනඥයකු ගැන හෙළි වේ


කීර්ති වර්ණකුලසූරිය

බණ්‌ඩා ගෲප් නැමැති පාතාල ලෝක කණ්‌ඩායමක්‌ සමග මුස්‌ලිම් දේශපාලනඥයකු සබඳකම් පවත්වන බවත් එකී කණ්‌ඩායමට අවි ආයුධ පුහුණුව ලැබී ඇති බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියවිල්ලකින් හෙළි කර ඇත.

මේ තොරතුරු ඇමරිකානු බලධාරීන්ට වාර්තා කර ඇත්තේ මෙරට බුද්ධි සේවාවේ හිටපු මුස්‌ලිම් බුද්ධි නිලධාරියකු බවද එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාමීය සටන්කාමීන් නමින් ඇමරිකානු හිටපු තානාපතිවරයකු විසින් එම රහස්‌ තොරතුරු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇත.

කොළඹ මාලිගාවත්තේ පාතාල ලෝක කල්ලියක්‌ද ක්‍රියාත්මක වන බවද හෙළි කරන එකී රහස්‌ ලියවිල්ලට අදාළ තොරතුරු මෙතෙක්‌ අනාවරණය වී නොතිබුණි.

අම්පාර දිස්‌ත්‍රික්‌කය තුළ මුඡේයිදින් කණ්‌ඩායමද ත්‍රිකුණාමලයේ ඔසාමා කණ්‌ඩායමද ක්‍රියාත්මක බව එම රහස්‌ ලියවිල්ලේ දක්‌වා ඇත.

මේ හැර කොළඹ නගරය තුළ කණ්‌ඩායම් හතරක්‌ ක්‍රියාත්මකයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.