ඇන්. ඇම්. කැපූ අනුරාධපුරයේ පාර

ඉකුත්දා අනූවැනි ජන්ම දිනය යෙදුනු නැසීගිය ආචාර්ය නිශ්ශංක විඡේරත්න වියතුන් අනුරාධපුර මහ දිසාපති ධුරය දැරූ වකවානුවේදී අනුරාධපුර නව නගරය ශුද්ධ නගරයක්‌ කිරීමට එතුමා දැරූ පරිශ්‍රමය අපමණය. ආගම් විරෝධියෙකු ලෙසින් ඇතැමුන් විසින් හැඳින්වූ විශිෂ්ට ගණයේ ලෝක ප්‍රකට දේශපාලන න්‍යායධරයකු වූ ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගෙන් විඡේරත්නයන්ට එදා මේ සඳහා ලැබුණු සහයෝගය මෙහිලා සිහිපත් කළ යුතුය. මෙම වකවානුව වන විටදී විඡේරත්න පරපුරේ උදවිය සමග මෙන්ම උඩරට බොහෝ බලගතු රදළ පවුල් සමඟ ගිහිපසින් කිට්‌ටු සබඳතා පැවැති වට්‌ටාරම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය හපුගොඩ සිද්ධාර්ථ හිමිපාණන් ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරී ප්‍රබල හිමිනමක්‌ වූහ. දුම්බර පාලිත, පරකන්දෙනිය ධම්මවංශ යන යතිවරුන් මෙන්ම මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලි, කොටහේනේ පඤ්ඤාකිත්ති යන හිමිවරුන්ද එදා ලංකා සම සමාජ පක්‍ෂයේ ජනතා සේවය අගයකරමින් දෙසුම් පැවැත්වූහ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, රොබට්‌ ගුණවර්ධන, ලෙස්‌ලි ගුණවර්ධන, බර්නාඩ් සොයිසා, ජැක්‌ කොතලාවල, සෙලිනා පෙරේරා, චන්ද්‍ර ගුණසේකර, ඩී. ඩබ්ලිව්. ඡේ. පෙරේරා, ඩබ්ලිව්. කේ. ජිනදාස, විවියන් ගුණවර්ධන, මහාචාර්ය ඔස්‌මන්ඩ් ජයරත්න, හෙක්‌ටර් අබේවර්ධන ආදීන් මුල්වෙමින් "දේශ සේවා ව්‍යාපාරය" නමින් ලෝක ප්‍රකට වැඩ සටහනක්‌ ලංකා සම සමාජ පක්‍ෂය විසින් එවකට අරඹා තිබිණි. වරෙක මාර්ෂල් ටිටෝගේ විශේෂ ඇරැඹුමක්‌ පරිදි සම සමාජ නායකයන්ගේ උපදෙස්‌ අනුව යුගොස්‌ලාවියාවට ගිය සමසමාජ තරුණ පිරිසක්‌ සති කිහිපයක්‌ම එරට පැවැති අලුතෙන් පාරක්‌ කැපීමට ඉතා කැමැත්තෙන් හවුල් වූහ. තවද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ අදහසක්‌ අනුව අනුරාධපුර දෙසට දෑස යොමු කළ වට්‌ටාරම රජමහා විහාරාධිපති හපුගොඩ සිද්ධාර්ථ හිමියෝ නිශ්ශංක විඡේරත්න මහ දිසාපතිවරයාගේ විශේෂ අවසරයක්‌ අනුව අනුරාධපුරේ ශුද්ධ නගරයේ අලුතෙන් පාරක්‌ කැපීමට එදා සම සමාජ නායකයන් හා සම සමාජ තරුණ සමිති සම්මේලනයේ වැඩි දෙනෙක්‌ සහභාගි වූහ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට මල්දමක්‌ පළඳවා එදා සතුටු සිතින් පිළිගන්නා ලද්දේ කොළඹ යුගයේ දීප්තිමත් කවියකු වූ මිහින්තලේ පාර්ලිමේන්තු මන්ත්‍රී පතිරාජ තෙන්නකෝන් විසිනි.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා විසින් යකඩ ඉන්නකින් අලුත් පාරේ දෙපස කාණු ක්‍රමානුකූලව කපන්නට යෙදුණි. වෙහෙස නොබලා විවියන් ගුණවර්ධන, කමනී මීදෙණිය ඇතුළු සම සමාජ කාන්තාවන් පිරිසක්‌ සම සමාජ තරුණයන් පුරවා දෙන ලද පස්‌ තාච්චි අදින්නට යෙදුනාය. මෙහිදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේ¨රා ප්‍රමුඛ හැම දෙනාම හකුරු සමඟ තේ කහටනද880 පානය කරන්නට යෙදුනාහ.

ජයසිංහ ඕ. ද අල්විස්‌

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.