යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයි

ප්‍රංශ රජය බුර්කා තහනම ක්‍රියාත්මක කිරීමෙන් ආගමික නිදහස උල්ලංඝණය වන්නේ නැතැයි යුරෝපා අධිකරණය තීන්දු කර ඇත.

2010 වසරේදී ප්‍රංශ රජය බුර්කා තහනම ක්‍රියාත්මක කිරීම නිසා ඉස්‌ලාමීය කණ්‌ඩායම් ඊට විරෝධය දක්‌වා තිබේ.

මෙම තහනම නිසා ආගමික නිදහසට බාධා ඇති වන බවට යුරෝපා අධිකරණය වෙත පැමිණිල්ලක්‌ ගොනු කර තිබුණි.

යුරෝපා අධිකරණයේ විනිසුරුවරු 15 ක්‌ ඒකමතිකවම බුර්කා තහනම අනුමත කළ අතර දෙදෙනකු ඊට එරෙහි වී ඇත.

ප්‍රංශ රජයට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පැමිණිල්ල යොමු කර ඇත්තේ එස්‌. ඒ.එස්‌. නමින් හඳුන්වන මුස්‌ලිම් විශ්වවිද්‍යාල සිසුවියකි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.