සංස්‌කරණය : නාරද නිශ්ශංක

"ආදරණීය කතාවක්‌" රූගත කිරීම් දිගටම

ප්‍රියන්ත කොළඹගේ සිව්වැනි සිනමා නිර්මාණය වන ආදරණීය කතාවක්‌ හි රූපගත කිරීම් මේ දිනවල කොළඹ හා අවට ප්‍රදේශයන්හි දී සාර්ථකව සිදු කෙරෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම කෘතහස්‌ත කලාකරුවෙකු වූ නැසීගිය ධර්මසිරි ගමගේ ශූරීන්ගේ පුත් චමින්ද ගමගේ ප්‍රථම වරට නිෂ්පාදකයෙකු ලෙසින් සිය සිනමා ආගමනයද සිදු කරන්නේa "ආදරණීය කතාවක්‌" චිත්‍රපටය තුළින්. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, බිමල් ජයකොඩි, අරුණි රාජපක්‍ෂ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන මෙය ආදරයත්, සංගීතයත් තේමා කොටගත් සොඳුරුතම සිනමා සිත්තමක්‌, සිනමා ගීතයෙහි සුවිශේෂී කඩඉමක්‌ සලකුණු කරනු ඇතැයි සැලකෙන මෙම චිත්‍රපටයෙහි ගීත පටිගත කිරීම්ද මේ දිනවල සිදුවෙමින් පවතිනවා.

උදාර සමරවීර ප්‍රථම වරට චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසින් කලඑළි බසින මෙහි චිත්‍රාල් සෝමපාල, කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා, අමිල පෙරේරා ගායන දායකත්වය ලබා දෙනවා. ගීත රචනයෙන් උපුල් ශාන්ත සන්නස්‌ගල, නිලාර් එන්. කාසීම්, නන්දන වික්‍රමගේ, චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ දායක වෙනවා. සහාය අධ්‍යක්‍ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, කැමරාකරණයෙන් රුවන් කොස්‌තා, අංග රචනයෙන් නලීන් ප්‍රේමතිලක, කලා අධ්‍යක්‍ෂණයෙන් මංජුල අයගම දායක වන "ආදරණීය කතාවක්‌" මෙරට ආදරණීය ප්‍රේක්‍ෂකයින් සඳහා හැකි ඉක්‌මනින් තිරගත කිරීම චමින්ද හා ප්‍රියන්තගේ උත්සාහයයි.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.