සංස්‌කරණය : නාරද නිශ්ශංක

වාසනාවන්ත දෙදෙනා කවුද?

සිරස සහ දෙරණ කිරුළු දෙකට
තරග වදින තරුණිය සහ තරුණයෝ පස්‌දෙනා


දෙරණ ඩී්‍රම් ස්‌ටාර්

'දෙරණ' ඩී්‍රම් ස්‌ටාර් පස්‌වැනි වාරයේ අවසන් මහා තරගය 5 වැනිදා (හෙට) සෙනසුරාදා සවස කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණ ශාලාවේදී පැවැත්වේ.

මෙතෙක්‌ පැවැති මූලික තරගවලින් සෙසු තරගකරුවන් පරදා අවසන් ජය කණුව වෙත ළඟාවීමේ වාසනාව ලැබූ තරගකරුවන් තිදෙනා වන්නේ 20 හැවිරිදි විශ්මිත සචින්ත, 24 හැවිරිදි ධනුෂ්ක සහ 19 හැවිරිදි ළහිරු ප්‍රභාත් ය.

* පින්තූරය බලන්න( වමේ සිට විශ්මිත, ධනුෂ්ක (මැද) හා ළහිරු (දකුණේ)

* විශ්මිත කොළඹ ඉසිපතන විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අතර, ධනුෂ්ක මීට පෙර ද 'දෙරණ' ඩී්‍රම් ස්‌ටාර් තරගයේ වාසනාවන්ත තරගකරුවෙක්‌ විය. ළහිරු දෙහිඕවිට ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.

* මේ තිදෙනාටම ගායනය පිළිබඳ සහජ කුසලතා ඇති අතර ධනුෂ්ක දැනටමත් කටුනේරියේ ප්‍රොමිසස්‌ ගායනා කණ්‌ඩායමේ සිටී.

'දිවයින' මෙම තරගකරුවන් තිදෙනාටම සුබ පතන නමුත් 'දෙරණ ඩී්‍රම් ස්‌ටාර්' වීමේ වාසනාව ලැබෙන්නේ විශ්මිතටද, ධනුෂ්කටද, නැත්නම් ළහිරුට ද කියා හෙට (සෙනසුරාදා) රාත්‍රියේ අපට දැන ගත හැකි වේ.

********

'සිරස සුපර් ස්‌ටාර්'

'සිරස සුපර් ස්‌ටාර්' අවසන් මහා තරගය අද (4 වැනිදා) සිකුරාදා සවස රත්මලානේ සිරස ස්‌ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වේ.

මෙහි අවසන් වටය දක්‌වා තරග කර අවසන් මහා තරගයට වාසනාව ලබා ඇත්තේ, 25 හැවිරිදි ගයාන් අරෝෂ, 18 හැවිරිදි ටෙහානී ඉමාරා සහ 29 හැවිරිදි ප්‍රසාද් චාමරය.

* පින්තූරය බලන්න ( වමේ සිට ගයාන්, ටෙහානී සහ චාමර ඔබට දැකිය හැකිය.

මහරගම ජනාධිපති විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ගයාන් අරෝෂ පාසල් අවදියේ පටන් ම සංගීතය හදාරා ඇත.

* කොළඹ ජාත්‍යන්තර පාසලේ දීප්තිමත් සිසුවියක වන ටෙහානී, අනාගතයේදී සංගීතය හදාරා ව්‍යාපාරික උපාධියක්‌ ලබා ගැනීමට අදහස්‌ කරයි.

චාමර ප්‍රසාද් නිකවැරටියේ ජයන්ති නවෝද්‍යා පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 'සිරස සුපර් ස්‌ටාර්' මීට පෙර තරගාවලිවලට ද සහභාගි වී ඇති තරුණයෙකි.

මේ තරගාවලි දෙකේම අවසන් වටයට තේරී ඇති හයදෙනාම මහා ගායනා කුසලතා ඇති පිsරිසක්‌ බව සිරස සහ දෙරණ මගින් අප දැක ඇත.

* 'සිරස්‌ සුපර් ස්‌ටාර් අවසන් වටයට තේරුණු තිදෙනාට ද 'දිවයින' සුබ පතන අතර වාසනාවන්ත 'සිරස සුපර් ස්‌ටාර්' කවුදැයි ලබන 4 වැනිදා රාත්‍රියේ අපට දැක ගත හැකි වේ.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.