සංස්‌කරණය : නාරද නිශ්ශංක

සංගීතඥ ඩී.ආර්. පීරිස්‌ සමරමින් "තාලසර"

මෙරට විසූ ප්‍රවීණ සංගීතඥ විශාරද ඩී. ආර්. පීරිස්‌ ශූරීන් අනුස්‌මරණය කරමින් මෙම ඉරිදා (06 දා) ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී "තාලසර" සංගීත ප්‍රසංගය පවත්වනු ලබයි. ඩී. ආර්. පීරිස්‌ අනුස්‌මරණ පදනම හා එක්‌ව මෙම ප්‍රසංගය සංවිධානය කරනුයේ දර්ශනපති ඩී. චානක පීරිස්‌ ය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන චානක පීරිස්‌, ඩී. ආර්. පීරිස්‌ ශූරීන්ගේ පුතණුවන්ය.

මෙම ප්‍රසංගයේදී ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් විසින් ඩී. ආර්. පීරිස්‌ අනුස්‌මරණ දේශනය පවත්වන අතර සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිsරි, ආචාර්ය වික්‌ටර් රත්නායක, විශාරද නන්දා මාලිනී, ප්‍රවීන ගායකයන් වන සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්‌, ජගත් වික්‍රමසිංහ, ජනනාත් වරකාගොඩ සහ අශෝක පීSරිස්‌ යන අය ඩී. ආර්. පීරිස්‌ විසින් නිර්මාණය කළ ගීත ගයති.

ඩී. ආර්. පීරිස්‌ ශූරීන්ගේ දහවැනි ගුණ සමරුව සිදු කරන මෙම අවස්‌ථාවේදී මීට වසර දොළහකට පෙර ආචාර්ය බැසිල් මිහිරිපැන්න විසින් ලියූ ලිපියක්‌ මේ සමග පළ කරමු. ඩී. ආර්. පීරිස්‌ ශූරීන් මෙන්ම ආචාර්ය බැසිල් මිරිහිපැන්නයන් ද අද අප අතර නැත.

එක්‌දහස්‌ නවසිය පනහ දශකයේ අග භාගයේදී ලංකාවට පැමිණි ඩී. ආර්. පීරිස්‌ට ප්‍රථමයෙන්ම පිහිට වූයේ එවකට රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ගුවන් විදුලි සංස්‌ථාව වේ. තබ්ලා වාදනයට බාහිර සංගීත ක්‍ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් හා නිරත වීමට අවස්‌ථාව උදාකර ගැනීමට මෙම ඇසුර මහෝපකාරී විය. ළමා ගීත නිර්මාණය, සරල ගීත නිර්මාණය සහ චිත්‍රපට සංගීතය නිර්මාණය කිරීම ආදී අවස්‌ථා උදා වූයේ මේ යුගයේදීය.

භාත්ඛණ්‌ඩ විද්‍යා පීඨයේදී තබ්ලා වාදනය හදාරන සමයේ ඔහුගේ ගුරුන් බවට පත්වූයේ පරම්පරාවෙන් උරුම කරගත් අසමසම ගුරු කුලයකින් පැවත එන මහා ශාස්‌ත්‍රවන්තයෙකිs. මෙවැනි ගුරුවරයකු යටතේ තබ්ලා ශිල් ධර්මය හැදෑරීමට අවස්‌ථාවක්‌ උදාවීම ඩී. ආර්.ගේ මෙන් මවුබිමේ ද භාග්‍යයක්‌ වන්නේය.

ඩී. ආර්. පීරිස්‌ කලාකරුවා මා හඳුනාගත්තේ 1957 වසරේදී ය. ඒ හැඳුනුම්කමට මාර්ගය පාදා දුන්නේ අප කාගේත් ගෞරවාදරය දිනාගත් සංගීතවේදී එඩ්වින් සමරදිවාකරයාණන් ය. මගේ කුළුඳුල් කලා කෘතිය සඳහා තබ්ලා වාදකයකු අවශ්‍ය වී සිටි අවධියක ඩී. ආර්. මා සොයා ආවේය. හා පුරා කියා මගේ ප්‍රථම මුද්‍රd නාට්‍යය වූ රන්කැටි පුතා මුද්‍රd නාට්‍යයට තාල වාදන සැපයූ ඩී. ආර්. පීරිස්‌ ගැන අප දැන සිටියේ අල්ප වූ අවබෝධයකිනි.

අනිල් මිහිරිපැන්න සහ ඩී. ආර්. පීරිස්‌ සොහොයුරන්ගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ කලා කුසලතා දුටුවේ සෙබළිය මුද්‍රd නාට්‍යය නිර්මාණය කරන දිනවලදී ය. මෙවැනි ප්‍රතිභා පූර්ණ නිර්මාණ උදානයක්‌ මේ කලාකරුවන් තුළින් දැකීමට මට වසර 13 ක්‌ ගත වූවේය. සෙබළිය මුද්‍රd නාට්‍යය නිර්මාණය කළේ 1970 වසරේ දී ය. අප තිදෙනාම නිර්මාණය පිළිබඳව කිසියම් පරිචිතයක්‌ මේ අවධිය වන විට ලබා තිබිණි. ඉතා සුහද සිතින් සෙබළිය මුද්‍රd නාටකයේ සංගීතය නිර්මාණය සහ තාල වාදන නිර්මාණයක්‌ ද ඊට මුසුවන පරිදි නැටුම් ද නිර්මාණය කළෙමු. මෙම පරිචිත නිර්මාණ කෞශල්‍යය සෙබළිය මුද්‍රd නාට්‍යයේ සජීවී බව විස්‌මිත බව ජනිත කිරීමට සමත් වූවෙමු.

සෙබළිය මුද්‍රd නාට්‍යයේ සංගීතය පටිගත කළේ ගුවන් විදුලි සංස්‌ථාවේ ශබ්දාගාරයේදීය. එකල පාලන තන්ත්‍රයේ ප්‍රධානීන් වූ තේවිස්‌ ගුරුගේ සහ එච්. එම්. ගුණසේකර වැනි හොඳ මහත්වරු ශබ්දාගාරයත්, වාදක මණ්‌ඩලයත් නොමිලයේ ලබාදීමෙන් උදාර සහයෝගයක්‌ දැක්‌වූවෝය. සෙබළිය පටිගත කිරීමේ අවසන් දිනයක ශබ්දාගාරයට ඇතුළු වී සූදානම් ව සිsටියේ ඩී. ආර්. පීරිස්‌ එනතුරුය. පෘතුගීසි හමුදාව විසින් හිරබාරයට ගත් සිංහල සෙබළ නායකයා හිරේදී ඇතිවන පීඩාව නිරූපිත නැටුමක්‌ සඳහා තාල වාදනයක්‌ පටිගත කිsරීමට නියමිතය. ඩී. ආර්. මේ සඳහා පැමිණියේ ගම්පොල සිටය. දුම්රිය සේවාවට පිංසිදු වන්නට 10.30 ට ඩී. අර්. පීරිස්‌ අප සිටි ශබ්දාගාරයට ඇතුළු විය. තම තබ්ලාව මනා සේ සකස්‌ කර පටිගත කිරීමට විධානය දී පුරා විනාඩි අටක කාලයක්‌ තුළ වාදන පෙළක්‌ ගසමින් අවසන් කළේය. සිරකරුවාගේ ජීවිතය නිරූපණය කිරීමට එම වාදනය භාවාත්මක භාවයෙන් පරිපූර්ණය. එම නැටුම නිර්මාණය කර ගැනීම සඳහා එහි තාලය, සහ ගති ලක්‍ෂණ ගැන මම විමසුවෙමි. එම වාදනයේ කාලය මත්තා නමින් හැඳින්වෙන බවත් එහි ගති ලක්‍ෂණ මේ ආකාරයෙන් සිදු විය යුතු බව පැහැදිලි කළේය. මත්තා තාලය මම ඩී. ආර්. ගෙන් ඉගෙන ගතිමි.

සෙබළිය නාටකයට තේමාව වූයේ රත්නපුර ගැමි ලියක්‌ සිංහල යුද හමුදාවට බැඳී දෙවුන්දර සටනේදී පෘතුගීසී සොල්දාදුවන් හත්දෙනකුගේ ගෙල සිඳ ජයගත් කථාව වේ. එම සිද්ධිය නිරූපණය කිරීමට උඩරට බෙරය, පහතරට බෙරය, දවුල, තම්මැට්‌ටම, තබ්ලා තරංග උපයෝගී කර ගනිමින් කරන ලද අපූරු නිර්මාණය මෙතෙක්‌ නොඇසූ විරූ බෙර සංවනියක්‌ විය.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.