සංස්‌කරණය : නාරද නිශ්ශංක

"සිරියමේ සාරා.." විශේෂ ජෝති ගී
ප්‍රසංගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී..



ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් කලා ලංකා පදනම සංවිධානය කරන "සිරියමේ සාරා" සුවිශේෂ ගී ප්‍රසංගය ජූලි 9 වැනි බදාදා සවස 6.00 ට සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන මෙම ප්‍රසංගය කලා ලංකා පදනමේ සභාපති මහජන සම්බන්ධතා පිළිබඳ ඇමැති මර්වින්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙයි. ගායක ගායිකාවන් විශාල පිරිසක්‌ මෙම ප්‍රසංගයේදී ජෝතිපාලයන්ට ප්‍රණාම පුදමින් ගී ගයනු ලබති. ජයනාත් වරකාගොඩ සංගීතය සපයන අතර නර්තන නිර්මාණය චන්න

විඡේවර්ධන වෙතිනි. "හෙළ ගී මං පෙතේ ජෝතිපාලයන් තැබූ ආදරණීය මතකය අපට කවදාවත් අමතක කළ නොහැකිය. ඔහු අදත් අපේ රටේ පොදුජන හදගැස්‌ම හා බැඳුණු ආදරණීයම ගායකයා ය. එතුමන්ට කළ හැකි උත්තම උපහාරයක්‌ වශයෙනුයි මේ ගී ප්‍රසංගය පවත්වන්නේ..." අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය. 1936 පෙබරවාරි 12 වැනිදා ජන්ම ලාභය ලැබූ ජෝතිපාලයන් 1987 ජූලි 7 වැනිදා දැයෙන් සමුගත්තේය.

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.