සංස්‌කරණය : නාරද නිශ්ශංක

ත්‍රිකුණාමලයෙන් බිහිවූ මේ තරුණ
කලා ශිල්පියාට අතදිය හැකිනම්..


කල්‍යාණි පී. නිශ්ශංක - උප්පුවේල

ත්‍රිකුණාමලය රාජකීය විදුහලෙන් අධ්‍යාපනය හදාරා කලා කෙතට අවතීර්ණ වූ නව යොවුන් කලාකරුවෙක්‌ වන ඉසුරු ෂෙහාන් ජයකොඩිආරච්චි විවිධ ක්‍ෂේත්‍රවලින් දක්‌ෂතා දක්‌වන්නෙකි. වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපට, නර්තනයන් කිහිපයකටම මේ වනවිට රංගන දායකත්වය සපයා ඇති ඉසුරු නිවේදන කටයුතුවලට විශේෂ දක්‌ෂතා දක්‌වන්නෙකි.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ පැවති විවිධ සම්මාන උත්සවවලදී ඉසුරුගේ හැකියාවන් අගයා සම්මාන, කුසලතා සම්මාන පිරිනමා ඇත. දැනට මානව සම්පත් කළමනාකරණ උපාධිය හදාරමින් සිටින ඉසුරු එතරම් ආර්ථික අතින් පොහාසත් තරුණයෙක්‌ නොවේ. එහෙත් ඔහු සතු ප්‍රතිභාවන්ට අතදිය හැකි නම් අනාගතයේ තවත් දක්‌ෂ කලාකරුවකු බිහිවන පෙරමග ලකුණු අපට දැකිය හැකිය.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ 2008 - 2009 යෞවන සම්මාන උළෙලේ හොඳම නිවේදක හා හොඳම රංගල ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු 2005 සාමය උදෙසා පැවති ජාත්‍යන්තර ළමා රචනා තරගයේ මෙරට නියෝජනය කරමින් දෙවන ස්‌ථානයද හිමිකර ගත්තේය. ස්‌වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "බිඳුණු සිත්" ටෙලි නාට්‍යයේ රංගනයෙන්ද, යසිරුගේ ළමා ලෝකය ඒකාංගික ටෙලි නාට්‍යය, ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ සම්මාන උළෙලේ "ටක්‌ ටික්‌ ටුක්‌" ළමා වේදිකා නාට්‍යය ප්‍රධාන චරිතය ඇතුළු දිස්‌ත්‍රික්‌කයේ විවිධ සාහිත්‍ය භාෂා තරගවලද ජය ඉසුරු ෂෙහාන් ජයකොඩි හිමිකරගෙන තිබේ. රැකියාවක නිරතවීම මෙන්ම රංගනයෙන් හා නිවේදකයකු ලෙස ඉදිරියට යැම ඔහුගේ අපේක්‌ෂාවයි.

මෙම දිරිය නව යොවුන් කලාකරුවාට තම හැකියාවන් පෙන්වීමට ඇති හැකි අය උදව් කරතොත් එය අගය කළ හැක්‌කකි. 071-659524, 077-1103878 ඔහුගේ දුරකතන අංකයි. ලිපිනය නො. 32/03 සමුද්‍රdගම, කොටුපාර, ත්‍රිකුණාමලය වේ.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.