පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මකවීම

සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයක්‌ ලෙස ඇවිලී ගිය කොටි ත්‍රස්‌තවාදී යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන්කර දැමීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයට හැකි විය.

එය කිසිදු වාද විවාදයකින් තොරව අප සැවොම පිළිගත යුතු සත්‍යයකි. 2005 ට පෙර පැවැති කිසිම රජයකට කළ නොහැකි වූ එම අතිශය බැරෑරුම් කාර්යභාරය ප්‍රමුඛ ජාතික වගකීමක්‌ හා යුතුකමක්‌ ලෙස සලකා ඉටුකිරීමට රජය ගත් පියවර සමස්‌ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේම ප්‍රශංසාවට ඇගයීමට ලක්‌විය.

දශක තුනක පමණ කාලයක්‌ තිස්‌සේ පැවැති යුද්ධය පමණක්‌ නොව එම යුද්ධය මෙහෙයවූ කොටි නායක ප්‍රභාකරන් ප්‍රමුඛව මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන් විනාශකර ඓතිහාසික යුද විජයග්‍රහණය ලබාදුන් වීරෝධාර රණවිරුවන්ට සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එදා දසතින් ලැබුණ ප්‍රශංසා අපමණය. එම ජයග්‍රහණයේ ප්‍රතිඵල රටේ ජනතාව සතුටින් භුක්‌ති වින්දද එම ජයග්‍රහණය කිසිසේත්ම ඉවසාගත නොහැකි දේශෙද්‍රdaහී පිරිසක්‌ද විවිධ බලවේග සහ කණ්‌ඩායම් ලෙස සිටියහ.

ඊළාම් රාජ්‍යයක්‌ බිහිවනු දැකීමට බලා සිටි එල්. ටී. ටී, ඊ. හිතවාදී දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලන පක්‍ෂ ඒ අතරින් ප්‍රධාන වූ අතර, විදෙස්‌ගතව සිටි එල්. ටී. ටී. ඊ. නායකයෝ සහ ඔවුන්ට සහාය දැක්‌වූ දෙමළ ඩයස්‌පෝරාව මෙරට දෙමළ ජනතාව තුළ ඊළාම් මතවාදය ප්‍රචලිත කරමින් ඊළාම් සටන අතනොහැර අඛණ්‌ඩව පවත්වාගෙන යැමට දැඩි උත්සාහයක නිරත වූහ. ගතවූ පස්‌ වසර තුළ එම උත්සාහය විවිධ අයුරින් අඛණ්‌ඩව ක්‍රියාත්මක විය.

යුදමය වශයෙන් එල්. ටී, ටී. ඊ. ය විනාශ වුවද, ඊළාම් මතවාදය තවදුරටත් පවතින බව ලොවට පෙන්වූ දෙමළ ඩයස්‌පෝරාව කොටි හිතවාදී ජාත්‍යන්තර බලවේග ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ නැවත ඊළාම් යුද්ධයක්‌ බිහි කිරීමටත්, ඒ අතරේ රජයට විවිධ බලපෑම් එල්ල කර උතුරු නැගෙනහිරට දේශපාලන බලය හරහා වෙනම පාලනයක්‌ හිමිකරගෙන අහිමිවී ගිය ඊළාම් රාජ්‍ය නැවත බිහිකිරීමට එම බලවේග මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

එම ක්‍රියාමාර්ග විවිධ වේශවලින් සිදුවෙමින් පවතින අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව සාමය, නිදහස සපිරි සංවර්ධිත රටක්‌ වනු සිතීමට අකමැති කලාපීය සහ වෙනත් බලවත් රටවල ජාත්‍යන්තර බලවේගවල උපරිම සහයෝගය එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට හිමිවී ඇත.

ශ්‍රී ලංකාව අස්‌ථාවර රටක්‌ බවට නැවත පත්කරවා තම පටු අරමුණු ඉටුකර ගැනීමට වෙර දරන මෙම දුෂ්ට බලවේග රජයට සහ රණවිරුවන්ට යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා එල්ල කරමින් ගෙන යන කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටස්‌කරුවන් ලෙස ලොව බලවත් රටවල් සහ දෙමළ ඩයස්‌පෝරාව කටයුතු කරද්දී මෙරට දෙමළ ජාතික දේශපාලන පක්‍ෂ කීපයක්‌ද ඔවුන්ට සහාය දෙති. යුද්ධයෙන් බැරිවූ ඊළාම් රාජ්‍ය හෙවත් ස්‌වයං පාලනය කොක්‌කෙන් බැරිනම් කෙක්‌කෙන් හෝ ලබාගැනීම ඊළාම්වාදී සහ එල්. ටී. ටී. ඊ. හිතවාදී එම දෙමළ දේශපාලන නායකයන්ගේ අරමුණ වී ඇත.

තම නායකයා ඇතුළු එල්. ටී. ටී. ඊ. සගයින් ඝාතනය කිරීමේ පළිය ගැනීම දෙමළ ඩයස්‌ පෝරාවේ අරමුණයි. එමෙන්ම ලොව බලවත්ම ගරිල්ලා සංවිධානය ලෙස නම් දරා සිටි එල්. ටී. ටී. ඊ. සන්නද්ධ කණ්‌ඩායම යුදමය අතින් ලැබූ දැවැන්ත පරාජය හා විනාශය නිසා හටගත් ල-ජාව, කෝපය හේතුවෙන් රජයෙන් සහ හමුදාවෙන් පළිගැනීමද දෙමළ ඩයස්‌පෝරාවට දැඩි ලෙස අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔවුන් ගෙන යන අරගලයට හා සහාය දෙන දෙස්‌ විදෙස්‌ බලවේගවලට උඩගෙඩි දීමට මෙරට දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී සිංහල සහ මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ද සිටින බව නොරහසකි.

විදෙස්‌ එන්. ජී. ඕ. හරහා ගලාඑන ඩොලර්වලට ලොබවී ගැතිවී රට පාවාදීමට ක්‍රියා කළ සිංහලයන් යුද සමයේ සිටියා මෙන්ම අදත් සිටින බව සිදුවෙමින් පවතින කටයුතුවලින් තහවුරු වී ඇත.

ඔවුන් මුදලට හෝ තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට රට පාවාදෙන දේශෙද්‍රdaහීන් ලෙස ක්‍රියාකරන බව පැහැදිළිය. එවන් ෙද්‍රdaහීන් විශාල පිරිසක්‌ පිළිබඳව පසුගිය කාලයේ අනාවරණය වූ අතර, තවත් පිරිසක්‌ ගැන ද තොරතුරු අනාවරණය වෙමින් පවතී.

සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයක්‌ ලෙස හුවා දක්‌වමින් දෙමළ ජාතිවාදීන් සහ අන්තවාදීන් විසින් පවත්වාගෙන ආ යුද්ධය අවසන් කළ රජය කෙසේ හෝ පෙරළා දැමීම සඳහා ප්‍රධාන තුරුම්පුවක්‌ ලෙස නැවත රට තුළ ජනවාර්ගික අර්බුදයක්‌ නිර්මාණය කර එතුළින් ජාතිවාදී යුද ගිනි අවුළුවා රට අස්‌ථාවර කිරීම මෙම අවස්‌ථාවාදීන්ගේ උත්සාහයයි. එම උත්සාහයේ එක්‌ අවස්‌ථාවක්‌ ලෙස සිංහල මුස්‌ලිම් ජනවර්ග අතර භේදයක්‌ ඇති කිරීමට මෙම අන්තවාදී දේශෙද්‍රdaහී බලවේග පසුගිය දිනවල අළුත්ගම හරහා ක්‍රියාත්මකවීම සැළකිය හැකිය.

ඒ හරහා ගත් උත්සාහය ව්‍යර්ථවී ගිය පසු දැන් එම විනාශකාරී බලවේග උත්සාහ දරනුයේ එම ජනවාර්ගික ගැටුම රජයේ මෙහෙයවීම යටතේ සිදුකළ එකක්‌ බව ලොවට පෙන්වා දීමටය. අලුත්ගම ගැටුම මූලාරම්භයක්‌ ලෙස පෙනී ගිය බෞද්ධ භික්‌ෂුවකට මුස්‌ලිම්වරු පහරදීම බොදු බල සේනාව නිසා සිදුවූ බවත්, බොදු බල සේනාව මෙහෙයවමින් ඊට සහයෝගය දෙනුයේ රජය බව පුන පුනා ප්‍රකාශ කරමින් රජය මෙම ගැටුම පසුපස සිටින බව තහවුරු කිරීමට ඔවුහු වෙර දරති.

එහිදී ඔවුන් උත්සාහ දරනුයේ බොදුබල සේනාව ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම සහ ආශිර්වාදය මත ක්‍රියාත්මක වන බව පෙන්වා දීමටය. රජය සහ ආරක්‌ෂක ලේකම්වරයා විසින් බොදුබල සේනාව ඔස්‌සේ මේ රට තුළ නැවත ජනවාර්ගික අර්බුදයක්‌ ඇතිකර නැවත යුදමය තත්ත්වයකට රට ඇද දැමීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල කරති.

නැවත වාර්ගික ගැටුමක්‌ හෝ යුද්ධයක්‌ ඇතිකර රට අස්‌ථාවර කිරීමට රජයට අවශ්‍ය නම් අපමණ වියදමක්‌ කැපකිරිමක්‌ දරා ආරක්‌ෂක හමුදාවෝ ශක්‌තිමත්කර, විදෙස්‌ බලවේග හමුවේ නොසැලී නොබියව සිට වසර 3 1/2 ක කාලයක්‌ දරුණු යුද්ධයක්‌ කර මේ රට යුද්ධයෙන් බේරාගෙන ස්‌ථිරසාර සාමයක්‌ නිදහසක්‌ උදාකරදීමට රජය ක්‍රියාකළේ මොකටදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ආරක්‌ෂක බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ හෙළිදරව් කර සමස්‌ත බුද්ධි සේවයම පාවාදීමට පසුගියදා උත්සාහයක යෙදුනි. ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ එවක ප්‍රබලයකුව සිටියදී එ. ජා. ප. රජය විසින් ක්‍රියාත්මක කළ සුප්‍රකට මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදීමේ කුමන්ත්‍රණය දැඩිව විවේචනය කරමින් ඊට එරෙහි වූ අයුරු අපට මතකය.

ඔහුට අනුව එදා එම බුද්ධි අංශ ක්‍රියාකාරකම් රටට අනාවරණය කිරීම ජාතිෙද්‍රdaහී, දේශෙද්‍රdaහී මහා පාවාදීමක්‌ විය. මංගල සමරවීර මහතා එදා එවක එජාප රජයට එරෙහිව මෙම පාවාදීම ගැන කෑගැසූ ලෙස අද මංගල සමරවීර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදුකරන මෙම පාවාදීමට එරෙහිව රටම කෑගැසිය යුතුව ඇත.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක්‌ හමුවේ වුවද රටේ ජාතික ආරක්‌ෂාව තහවුරු කරමින් නීතිය, සාමය, ආරක්‌ෂාව සහ නිදහස රැකගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සීරුවෙන් මෙහෙයවන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සේනාධිනායක වශයෙන් පසුගියදා තවත් වැදගත් පියවරක්‌ ගනු ලැබීය. ඒ නව නාවික හමුදාපති වශයෙන් වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරා පත්කිරීමය.

ඒ අනුව නාවික හමුදාවේ දෙවැන්නා ලෙස මාණ්‌ඩලික ප්‍රධානි (ජයසැෙ දෙ sඒෙෙ) තනතුර හොබවමින් සිටි රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා, වයිස්‌ අද්මිරාල් නිලයට උසස්‌කර නාවික හමුදාපති ධුරයට පත් කරන ලදී. ඔහුගේ වැඩ භාර ගැනීම ඉකුත් 01 වැනිදා සිදුවිය. නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ වයිස්‌ අද්aමිරාල් ජයන්ත කොළඹගේ විශ්‍රාම යැමට පෙර අද්මිරාල් නිලයට උසස්‌ කෙරිණි.

වසර 38 ක්‌ වැනි වැඩිම සේවා කාලයක්‌ සපුරා නාවික හමුදාපති ධුරයට පත්වූ ප්‍රථම නිලධාරියා සහ නාවික හමුදාපති ධුරයට පත්වූ ප්‍රථම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ද ඔහු නාවික හමුදා ඉතිහාසයට එක්‌විය.

වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරා 1957 ජූලි මස 11 වන දින අගනුවරට නුදුරු හංවැල්ල ප්‍රදේශයේ ජන්ම ලාභය ලබා මූලික අධ්‍යාපනය කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයෙන් හදාරා අනතුරුව 1978 අගෝස්‌තු මස 23 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට 7 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස එක්‌වී ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මූලික පුහුණුව ලබා ගන්නා ලදී.

වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරා ඉන්දියාවේ කෝචින් නගරයේ අවි පුහුණු පාසලෙන් අවි පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ලබා ඇති අතර, නාවික මාණ්‌ඩලික පාඨමාලාව ඉන්දියාවේදී හදාරා ඇත. එයට අමතරව ඔහු පාකිස්‌ථානයේ ඉස්‌ලාමාබාද් නුවර පිහිටි ජාතික ආරක්‌ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්‌ෂක පාඨමාලාවද,ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් සහ පාකිස්‌ථානයේ ආරක්‌ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‌ෂක කටයුතු හා ආරක්‌ෂක ක්‍රමෝපායන් පිළිබඳ විද්‍යාපති උපාධි ලබා ඇත. තවද 2005 මැයි මාසයේදී බ්‍රිතානයේදී අන්තර් ජාතික ආපදා කළමනාකරණය පිළිබඳ පාඨමාලාවද, ඇමරිකාවේ නාවික යුද විද්‍යාලයෙන් ඒකාබද්ධ බලිකා සාගරික අංශ අණදෙන පාඨමාලාවද හදාරා ඇත.

වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් රාශියකින් පිරිපුන් නිලධාරියකු වන අතර, ඔහු නාවික හමුදා ආයතන/නෞකා, හා යාත්‍රා රැසක අණදෙන නිලධාරි ලෙස කටයුතු කර ඇත. ඔහු නාවික නෞකා සයුර නෞකාව අධිකාරියට පත් කිරීමේ පළමු අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කර ඇති අතර. 2008 වසරේ බටහිර විධාන නාවික ආඥාපති ලෙසද, 2007 වසරේදී දකුණු විධාන භාර ආඥාපති වශයෙන්ද, 2006 වසරේ මානුෂික මෙහෙයුම පැවැති කාල සීමාව තුළ නැගෙනහිර විධාන නියෝජ්‍ය ආඥාපති වශයෙන්ද කටයුතු කර ඇත.

නාවික හමුදා මූලස්‌ථානයේ භාරදූර වගකීම් සහිත පත්වීම් රැසක්‌ හොබවා ඇති ඔහු අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජනරාල් සේවා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික අවි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික බුද්ධි. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානීන්ගේ ප්‍රධාන මාණ්‌ඩලික නිලධාරි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස හා ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කටයුතු කර ඇත.

ඔහු නාවික ක්‍රියාන්විතයන්හිදී දැක්‌වූ දක්‌ෂතා සහ නිර්භීතභාවය උදෙසා "රණවික්‍රම" පදක්‌කමෙන් පිදුම් ලැබූ නිලධාරියෙකි.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.