ලෝක යුද්ධයෙන් පසු පත් වූ නරකම ඇමරිකානු ජනාධිපතිවරයා බරක්‌ ඔබාමායි

මත විමසුමකින් හෙළි වෙයි

ලෝක යුද්ධයෙන් පසු පත් වූ නරකම ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා යෑයි මත විමසුමකින් හෙළි වී ඇත.

ඇමරිකාවේ කුයින්පි යැන් විශ්වවිද්‍යාලය සිදු කළ මත විමසුමේදී මේ බව අනාවරණය වී තිබේ.

1981 සිට 1989 දක්‌වා ජනාධිපති ලෙස ක්‍රියා කළ රොනල්ඩ් රීගන් හොඳම ඇමරිකානු ජනාධිපති ලෙසට එකී මත විමසුමේදී හෙළි වී ඇත.

වසර 69 ක්‌ වූ ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරුන් 12 ක්‌ පත් වී ඇති අතර හිටපු ජනාධිපති බිල් ක්‌ලින්ටන්ට හිමි වී ඇත්තේ සියයට 18 ක ප්‍රසාදයක්‌ පමණි.

හිටපු ජනාධිපති රිචඩ් නික්‌සන්ද නරක ජනාධිපති ලැයිස්‌තුවට ඇතුලත් වී ඇත.
`

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.