වාමාංශික විනිසුරුවරියක්‌ මාව පොලිස්‌ අත්අඩංගුවට ගන්නැයි නියෝග කළා
- හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලොස්‌ සාර්කෝසි

අල්ලස්‌ චෝදනා මත තමාව පොලිස්‌අත් අඩංගුවට ගන්නැයි නියෝග කළ ක්‌ලේයාර් නිපවුට්‌ විනිසුරුවරිය වාමාංශික විනිසුරු සංගමයේ ක්‍රියාකාරිනියක්‌ යෑයි හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලොස්‌ සාර්කෝසි චෝදනා කරයි.

පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් තමා අසහනකාරී තත්ත්වයකට ලක්‌ වූ බවද ඔහු කියා සිටියේය. එල්ල වී ඇති අල්ලස්‌ චෝදනා ප්‍රතික්‍ෂේප කළ හිටපු ප්‍රංශ ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස යළිත් දේශපාලනයට අවතීර්ණ වන බව පල කළේය.

මේ අතර ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසිය සාර්කෝසිව මුදාහැර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.