මියන්මාරයේ මැන්ඩලේහි බෞද්ධ මුස්‌ලිම් ගැටුම පොලිසිය ව්‍යාර්ථ කරයි

මියන්මාරයේ බෞද්ධ යන් හා මුස්‌ලිම් ජාතිකයන් අතර මැන්ඩලේ නගරයේ ඇති වූ ගැටුමක්‌ පොලිසිය විසින් රබර් උණ්‌ඩ යොදා වෙඩි තැබීමෙන් ව්‍යාර්ථ කර ඇත.

මෙහිදී එක්‌ පොලිස්‌ භටයෙක්‌, බෞද්ධයන් තිදෙනකු හා මුස්‌ලිම් ජාතිකයකු තුවාල ලබා තිබේ.

මුස්‌ලිම් ජාතිකයකු සතු තේ කඩයක සිදු වූ බව කියන අතවර කිරීමේ සිද්ධියක්‌ මෙම ගැටුමට හේතු වී ඇතැයි මියන්මාර් පොලිසිය කියයි.

මැන්ඩලේ නගරයේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ භාටයන් 600 ක්‌ යොදා ඇතැයි පොලිස්‌ අධිකාරී යෝ මින් පැවසීය.

මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය මැන්ඩලේ නගරයයි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.