2014 ජුලි 04 සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   

නීතිඥ මවට පස්‌නිවුන් දරු සම්පතක්‌

මහනුවර නීතිඥවරියක ඊයේ උදැසන පේරාදෙනිය ශික්‍ෂණ රෝහලේදී නිවුන් දරුවන් පස්‌දෙනකු මෙලොවට දායාද කළාය. මේ වාසනාවන්ත දරු උපතට පිරිමි දරුවෝ 4 දෙනෙක්‌ සහ එක්‌ දියණියක්‌ ඇතුළත් වෙති.

බේරුවල අලුත්ගම
හානි ගැන පැමිණිලි 400ට නගී

පැමිණිලිවලින් 90% කම සඳහන් වනුයේ නාඳුනන පුද්ගලයන් විසින් නිවාස කැඩීම, මංකොල්ලකෑම, වාහනවලට අලාභ හානි කිරීම හා පහරදීම් ඇතුළු අනර්ථයන් බව....

රජරට සිසුන් තුන් දෙනකු අත්අඩංගුවට

උපකුලපතිවරයා හා ආචාර්යවරුන් උපකුලපති වරයාගේ නිල කාමරය තුළ හිරකර තබාගනිමින් කලහකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධිය පිළිබඳව සැකපිට.....

කොළඹ වරායේ ඉන්ධන නළය පුපුරා පාඩුව කෝටි 65 පනී

කොළඹ වරායේ පිහිටි නෞකාවලින් ඉන්ධන ගොඩබාන බෝයාවේ නළය පුපුරා යැමෙන් දැනට රටට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි හැට පහකට අධික බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ජාතික සේවක සංගමය හෙළිකර සිටී.

කොළඹ කොටුවේදී සිරුරට ගිනි තබාගනී

ගිනි ඇවිළීමෙන් සිරුර බරපතළ අන්දමින් පිළිස්‌සීම නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඌව සටනට හරීන්
99% ක්‌ සූදානම්

රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එකට එක්‌ව තමාට මැතිවරණ යේදී සහයෝගය දෙන්නේ නම් තමන් පක්‍ෂය වෙනුවෙන් කැපවීමක්‌ කරමින් පාර්ලිමේන් තුවෙන් ඉල්ලා අස්‌වන බව ද හෙතෙම කීය.

පොස්‌පේට්‌ සමාගම් භූමියේ මීටර් 850 ක්‌
කාපට්‌ කරන්න ලක්‍ෂ 650 ක්‌ වැය කරලා

- වසන්ත සමරසිංහ

විශාල මුදලක්‌ වැයකර කාපට්‌ කළ මාර්ගය මේ වන විට කැඩී ගොස්‌ ඇති බව පැවසූ හෙතෙම සමාගම සතු ස්‌ථාවර තැන්පතු වත්මන් පාලනය විසින් කාබාසිනියා කර ඇතැයිද චෝදනා කළේය.

පොඩි පුතා ශිෂ්‍ය නායකයෙක්‌ වෙන දවසේ
මගේ මහත්තයා අපි හැමෝම දාලා යන්න ගියා

හදිසි අනතුරින් මියගිය බේරුවල මන්ත්‍රීගේ බිරිඳ හඬා වැළපෙමින් කියයි

බරපතළ ලෙස තුවාල ලැබූ ගාමිණී අල්විස්‌ මහතාව වහා නාගොඩ රෝහල වෙත රැගෙන යැමට තුවාල ලබා සිටි පුතු මහේල කටයුතු කළද ගාමිණී මහතාට තම වැඩිමහල් පුතුගේ තුරුලෙහිම තම ජීවිත ගමනට තිත තබා අවසන් හුස්‌ම හෙළීමට සිදුවිය.


ජාතිවාදය ආගම්වාදය පිටු දැකීමට සම අයිතිය ව්‍යාපාරය විසින් ජනතා අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක්‌ කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටින් (03 දා) ආරම්භ කරන ලදී. "තවත් කළු ජූලියක්‌ එපා·..." යන්න සඳහන් දැවැන්ත බැනරයක ජනතාව සිය අත්සන් යෙදූ අයුරු.
ඡායා - සමන් අබේසිරිවර්ධන

'දිවයින'  සැනෙකින් පුවත්


කොරියන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ

2011 වසරේ කොරියන් විභාගය සමත්ව රැකියා අහිමි තරුණ තරුණියන් පිරිසක්‌ ඊයේ (03 දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී සිටී අයුරු. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන


සිංහල - මුස්‌ලිම් සමගියට මිනුවන් ගොඩින් ආදර්ශයක්‌

මිනුවන්ගොඩ නගරයේ පිහිටි මුස්‌ලිම් ව්‍යාපාරික යකුට අයත් රෙදිපිළි වෙළෙඳ ආයතනයක ඊයේ (03 දා) දහවල් හටගත් ගින්න ගිනි නිවන හමුදා භටයන් පැමිණෙන විටත් නිවා දැමීමට මිනුවන්ගොඩ මුස්‌ලිම් සහ සිංහල ප්‍රජාව එක්‌ව සමත් වූහ.

රජරට ශිෂ්‍ය සංගම් තහනම්

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මාස 6ට ඩෙංගු මරණ 50ක්‌

පසුගිය වසරේ (2013) මාස 12 තුළදී දිවයිනෙන් ඩෙංගු මරණ 52 ක්‌ වාර්තා වී ඇතත් මෙම වසරේ මුල් මාස 6 තුළදී එම සංඛ්‍යාව ආසන්නයට පැමිණෙමින් ....

කච්චතිව් හිමිකම පිළිබඳ ප්‍රකාශය අස්‌කර ගන්න
- ජයලලිතා ඉන්දීය රජයට කියයි

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මදුරාසි මහාධි කරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය වහාම ඉවත් කර ගන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

නිදහස්‌ වෙළෙඳ කලාපවල 15,000 ක සේවක හිඟයක්‌

එම ස්‌ථානවලට රැකියා සඳහා ඒමට ඇතැමුන් මැළිකමක්‌ දැක්‌වීම සහ කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල පිරිසක්‌ පිටත්ව යැම වැනි හේතු මීට බලපා ඇතැයි ද...

මුස්‌ලිම් ව්‍යාපාර වලට හානි කළැයි පිල්ලේට අසත්‍ය වාර්තා යවයි

මුස්‌ලිම් පල්ලි 17 කට ප්‍රහාර එල්ල වී මුස්‌ලිම් ව්‍යාපාර 80 කට බරපතළ හානි සිදුවී ඇති බවට දක්‌වමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා මුස්‌ලිම් සංක්‍රමණික ප්‍රජාව නමින් හඳුන්වාගත් සංවිධානයක්‌....

මුලතිව් දිස්‌ත්‍රික්‌ කයෙන් යුද හමුදාවට එක්‌වූ දමිළ ආධුනික කාන්තා සෙබළියෝ විසිරයති


යුද හමුදාවට එක්‌වූ දමිළ ආධුනික කාන්තා සෙබළියන් 30 දෙනකු සිය පුහුණු කාළය නිමිකොට විසිර යැම පෙරේදා 02 මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේදී පැවැත් විණි.

  • හස්‌ත කර්මාන්ත කලාකරුවන්ගෙන් ගැමි ආර්ථිකය නංවන්න ඉහළ දායකත්වයක්‌
    - ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන

    හස්‌ත කර්මාන්ත ශිල්පීන්ට තිබෙන විශාලම ගැටලුව තමයි තමන්ගේ නිර්මාණ සඳහා හොඳ මිලක්‌ නැතිකම. වෙළෙඳපොළේ ඉහළ මිලක්‌ ලැබෙනවා. නමුත් ඒ මුදල ලැබෙන්නේ ශිල්පියාට නොවේ. අතරමැදියන්ට. එනිසා අපේ උත්සාහය තමයි මේ නිර්මාණ ශිල්පීන්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයා අතට පත්කිරීමට අවස්‌ථාව සලසාදීම.

  • පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මකවීම

    දශක තුනක පමණ කාලයක්‌ තිස්‌සේ පැවැති යුද්ධය පමණක්‌ නොව එම යුද්ධය මෙහෙයවූ කොටි නායක ප්‍රභාකරන් ප්‍රමුඛව මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන් විනාශකර ඓතිහාසික යුද විජයග්‍රහණය ලබාදුන් වීරෝධාර රණවිරුවන්ට සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එදා දසතින් ලැබුණ ප්‍රශංසා අපමණය.

  • දකුණු අප්‍රිකාවට කදිම පෙරහුරුවක්‌

    ශ්‍රී ලංකාව සමග එක්‌දින තරගාවලියට පෙර කදිම පෙරහුරුවක්‌ ලබාගත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායම ඊයේ (03 දා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්‌ඩායමට එරෙහිව ලකුණු 108 ක පහසු ජයක්‌ ලබා ගැනීමට සමත් විය.


 

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.