පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේදී
නීතිඥ මවට පස්‌නිවුන් දරු සම්පතක්‌
පුත්තු 4යි එක දුවයි

සිරිල් විමලසුරේන්ද්‍ර



මහනුවර නීතිඥවරියක ඊයේ උදැසන පේරාදෙනිය ශික්‍ෂණ රෝහලේදී නිවුන් දරුවන් පස්‌දෙනකු මෙලොවට දායාද කළාය.

මේ වාසනාවන්ත දරු උපතට පිරිමි දරුවෝ 4 දෙනෙක්‌ සහ එක්‌ දියණියක්‌ ඇතුළත් වෙති.

දරුවන් පස්‌දෙනා 'ඉන්කියුබේටර්' නම් නොමේරූ දරුවන් සුරක්‌ෂිත කරනු ලබන කාමරවල තැන්පත් කර සිටින අතර මව වන තනුජා ඒකනායක මහත්මිය දැඩිසත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒකනායක මහත්මිය සහ ඒකනායක මහතා මහනුවර වැරැල්ලගම ඉඩමේගම පදිංචිකරුවෝ වෙති.

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය රණරාඡ් මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කාර්ය මණ්‌ඩලයක්‌ මගින් දරුවන් ලබාගන්නා ලදී.

මෙම යුවළ විවාහ වී දැනට වසර 10 ක්‌ පමණ ගත වී ඇතත් මෙතෙක්‌ ඔවුන්ට දරු සම්පතක්‌ ලැබී තිබුණේ නැත.

ඒකනායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ නිලධාරියෙකි.

දරුවන් පස්‌දෙනකු ලැබීමත් ඔවුන් සුවයෙන් සිටීමත් පිළිබඳව තමන් දැඩි සේ සතුටට පත්වන බව පස්‌දරු පියා පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.