බේරුවල අලුත්ගම හානි ගැන පැමිණිලි 400ට නගී

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බේරුවල අලුත්ගම ගැටලුවලට සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව ඊයේ (3 දා) වන විට 400 ක්‌ පමණ වන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

පැමිණිලිවලින් 90% කම සඳහන් වනුයේ නාඳුනන පුද්ගලයන් විසින් නිවාස කැඩීම, මංකොල්ලකෑම, වාහනවලට අලාභ හානි කිරීම හා පහරදීම් ඇතුළු අනර්ථයන් බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් නොදන්නා පැමිණිලි පිළිබඳව අලුත්ගම හා බේරුවල පොලිසි ඊයේ වන විට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට හා අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර එම සිද්ධීන් 200 ක්‌ පමණ වන බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අලාභහානි වූ නිවාස ප්‍රතිසංස්‌කරණය කිරීමේ කටයුතු යුද හමුදාව විසින් මේ දිනවල කරගෙන යයි. යුද හමුදාව ද පොලිසිය ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද අලුත්ගම, බේරුවල, මග්ගොන හා කළුතර ප්‍රදේශවල ආරක්‍ෂාවට යොදවා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.