සිංහල - මුස්‌ලිම් සමගියට මිනුවන්ගොඩින් ආදර්ශයක්‌

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ නගරයේ පිහිටි මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට අයත් රෙදිපිළි වෙළෙඳ ආයතනයක ඊයේ (03 දා) දහවල් හටගත් ගින්න ගිනි නිවන හමුදා භටයන් ගම්පහ සිට පැමිණෙන විටත් නිවා දැමීමට මිනුවන්ගොඩ මුස්‌ලිම් සහ සිංහල ප්‍රජාව එක්‌ව සමත් වූහ.

නිව් මොහිදීන් ෙඩ්‍රපරි ස්‌ටෝර්ස්‌හි හිමිකරු එම්. එම්. රිම්සාන් මහතා එම ගින්න ගැන මෙසේ පැවසීය. ව්‍යාපාරික ස්‌ථානයේ තුන්වැනි මහලේ ගින්න හට ගන්නා අවස්‌ථාවේ සේවකයන්ට අමතරව පාරිභෝගිකයන් විශාල පිරිසක්‌ සිටියා. එම ගින්න පිළිබඳ මිනුවන්ගොඩ පොලිසියටත්, නගර සභාවටත් දන්වා සිටියා. ඒ සමගම මුස්‌ලිම් සහ සිංහල තරුණයන් 400 ක්‌ පමණ එකතු වෙලා වතුර බාල්දි රැගෙන උඩට ගොස්‌ ගින්න නිවා දමන්න කටයුතු කළා.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන වාහන එන විට එම තරුණයන් ගින්න සම්පූර්ණයෙන් නිවා අවසන් කළා. අපේ එකමුතුකම නිසා වෙන්න ගිය විශාල විනාශයක්‌ වැළකී ගියා. විදුලි කාන්දුවක්‌ නිසා ගින්න හට ගන්න ඇති කියා විශ්වාස කරනවා. අලාභය ගැන තක්‌සේරුවක්‌ කියන්න බැහැ.

එම ගින්න පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.