රජරට ශිෂ්‍ය සංගම් තහනම්

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම පීඨ ශිෂ්‍ය සංගම් තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨවල සිසුන් සහ පරිපාලනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (02 දා) උපකුලපති මහාචාර්ය රංජිත් විඡේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ පාලක සභා රැස්‌වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර එම විශ්වවිද්‍යාලය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව පරීක්‍ෂා කර බලා ඒ පිළිබඳව වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්‌ ද එම රැස්‌වීමේදී පත් කළ බව එහි උසස්‌ නිලධාරියෙක්‌ 'දිවයින' ට පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.