මාස 6ට ඩෙංගු මරණ 50ක්‌

ඒමන්ති මාරඹේ

පසුගිය වසරේ (2013) මාස 12 තුළදී දිවයිනෙන් ඩෙංගු මරණ 52 ක්‌ වාර්තා වී ඇතත් මෙම වසරේ මුල් මාස 6 තුළදී එම සංඛ්‍යාව ආසන්නයට පැමිණෙමින් ඩෙංගු මරණ 50 ක්‌ වාර්තා වී ඇතැයි වසංගත රෝග විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු මරණ 51 න් මරණ 17 ක්‌ ම කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වී තිබිණි. මෙම වසරේ මෙතෙක්‌ වාර්තා වී ඇති ඩෙංගු මරණ 50 න් 32 ක්‌ ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.

පසුගිය වසරේ ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 2427 දෙනකු ද මෙම වසරේ ජුනි මාසයේදී රෝගීන් 5479 දෙනකුද වශයෙන් වාර්තා වී තිබේ.

මේ අතර දිවයින පුරා සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව ඩෙංගු මදුරු කීටයන් බෝවී සිටින මාධ්‍යයන්ගෙන් සියයට 48 ක්‌ ම මහජනතාව විසින් භාවිත කර ඉවතලන ප්ලාස්‌ටික්‌ හා වීදුරු බඳුන් බව අනාවරණය වී තිබේ. තවත් සියයට 22 ක්‌ විවෘත ජල ටැංකි ද, සියයට 07 ක්‌ ටයර්ද, සියයට 02 ක්‌ වැහි පිහිළි හා සියයට 15 ක්‌ වතුර රැස්‌කරන තබාගන්නා ටැංකි ද සියයට 3 ක්‌ ශීතකරණ ද වන බව අනාවරණය වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.