පිච්ච මල් පූජාවට විශේෂ දුම්රිය සේවා

අකිත පෙරේරා

අනුරාධපුරයේදී හෙට (05 වැනිදා) පැවැත්වෙන පිච්චමල් පූජාව සඳහා විශේෂ දුම්රිය රැසක්‌ යොදවන බව දුම්රිය ගමනාගමන අධිකාරි එල්. ඒ. ආර්. රත්නායක මහතා 'දිවයින' ට කීය.

ඒ අනුව අනුරාධපුරය බලා සාමාන්‍යයෙන් ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී, නගරාන්තර සහ තැපැල් දුම්රියට අමතරව අද (04 දා) සිට ලබන ඉරිදා (06 දා) දක්‌වා මෙම සේවාව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවැසීය.

කොළඹ සිට අද පෙරවරු 07.05 ට මෙම විශේෂ දුම්රිය ආරම්භ කරන අතර හෙට පෙරවරු 4.15, 7.05, 07.50 යන වේලාවන්ට ද දුම්රිය ධාවනය කරන බව ඒ මහතා කීය.

ඊට අමතරව දිනපතා සාමාන්‍ය පරිදි අනුරාධපුරය බලා දුම්රිය ධාවනය කෙරෙන බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.