ඌව සටනට හරීන් 99% ක්‌ සූදානම්

අකිත පෙරේරා

පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඉදිරි ඌව පළාත් සභා මැතිවරණයේදී එජාප මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට තමන් සියයට අනූනවයක්‌ම සූදානම් බවත් ඊට පක්‍ෂයේ කැමැත්ත ලැබෙනතෙක්‌ බලා සිටින බවත් බදුල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (03 වැනිදා) පැවසීය.

පක්‍ෂයේ ප්‍රධාන නායකයන් වන රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එකට එක්‌ව තමාට මැතිවරණයේදී සහයෝගය දෙන්නේ නම් තමන් පක්‍ෂය වෙනුවෙන් කැපවීමක්‌ කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වන බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට එම නායකයන් තිදෙනා ද මහලේකම් තිස්‌ස අත්තනායක, රංජිත් මද්දුම බණ්‌ඩාර යන මහත්වරුන් සහ තමාද අතර කාමරයකදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැති බවත් රනිල්, කරු, සජිත් යන තිදෙනා එක්‌ කාමරයකට ගෙනැවිත් සාකච්ඡා කිරීම ජයග්‍රහණයක්‌ බවත් ඒ මහතා සඳහන් කළේය.

පක්‍ෂයේ නායකයන් තිදෙනා ඉදිරියේදී එකට එක්‌ව වැඩකටයුතු කරන බව නිල නොවන වශයෙන් ප්‍රකාශ කළ බවකී මන්ත්‍රීවරයා තමා ඒ අනුව ඌව පළාත් සභා මැතිවරණයේදී තරග කරන්නේ ද යන්න සම්බන්ධව ඉතා ඉක්‌මනින් ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයි ද කීය.

එසේ වුවහොත් ආණ්‌ඩුව ගෙදර යවන සටන ඌවෙන් ආරම්භ කළ හැකි වනු ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා සිරිකොත ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.