උතුරුමැද හිටපු මන්ත්‍රීගේ සිරුර ළිඳකින් හමුවේ

කරුණාරත්න ගමගේ

උතුරුමැද පළාත් සභාවේ හිටපු එ.ජා.ප. මන්තීs්‍රවරයකු වූ මැදිරිගිරියේ බී. කේ. ගුණරත්න මහතාගේ මළ සිරුර පෙරේදා (02 දා) සවස මැදිරිගිරිය උදාරගම ප්‍රදේශයේ පාළු ළිඳක්‌ තුළ තිබී හමුවී ඇත.

මොහු පසුගිය 30 වැනිදා රාත්‍රියේ සිට නිවෙසින් අතුරුදන්ව ඇතැයි ගුණරත්න මහතාගේ බිරිඳ මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ලක්‌ද කර තිබේ.

60 හැවිරිදි වියේ පසු වූ ගුණරත්න මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි. හෙතෙම ජාතික හෙළ උරුමයේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කරමින් සිටියේය.

මෙම මරණය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියේ ස්‌ථානාධිපති, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රදීප් විඡේසේකර මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සමන් රණසිංහ මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.