බීලා හිටියට උසාවි දාන්න බෑ
- පූගොඩ මහෙස්‌ත්‍රාත් පොලිසියට කියයි

පූගොඩ - සරණපාල නුවරපක්‍ෂ

"කාටවත් කරදරයක්‌ හිරිහැරයක්‌ නැත්නම් බීලා හිටියා කියල, පාරේ ගියා කියල උසාවි දාන්න බැහැ."

ප්‍රසිද්ධ ස්‌ථානවල බීමත්ව හැසිරීම සම්බන්ධව පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයන් සිවුදෙනකු අවවාද කොට මුදාහැරීමට නියෝග කළ පූගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංස මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ පොලිස්‌ නිලධාරියාට එසේ පැවසුවාය.

පූගොඩ පොලිසියේ පො. ප. රංජිත්, පො. සැ. (43000) චJද්‍රපාල මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.