පොස්‌පේට්‌ සමාගම්භූමියේ මීටර් 850 ක්‌
කාපට්‌ කරන්න ලක්‍ෂ 650 ක්‌ වැය කරලා

- වසන්ත සමරසිංහ

සිරිමන්ත රත්නසේකර

එප්පාවල පොස්‌පේට්‌ සමාගම් භූමියේ මීටර් අටසිය පනහක මාර්ගය කාපට්‌ කිරීම සඳහා එහි පාලනාධිකාරිය රුපියල් ලක්‍ෂ හයසිය පනහක්‌ වියදම් කර ඇති බව දූෂණ හඬ ව්‍යාපෘතියේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (03 වැනිදා) අනාවරණය කළේය.

එවැනි විශාල මුදලක්‌ වැයකර කාපට්‌ කළ මාර්ගය මේ වන විට කැඩී ගොස්‌ ඇති බව පැවසූ හෙතෙම සමාගම සතු ස්‌ථාවර තැන්පතු වත්මන් පාලනය විසින් කාබාසිනියා කර ඇතැයිද චෝදනා කළේය.

එහි සභාපතිවරයා හා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පොස්‌පේට්‌ සමාගම තමන්ගේ බූදලයක්‌ සේ සලකා කටයුතු කරමින් සිටින බව පැවසූ වසන්ත සමරසිංහ මහතා වැරදි වසා ගැනීම සඳහා ඔවුන් සාවද්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් රටම නොමග යවමින් සිටින බව කියා සිටියේය.

පොස්‌පේට්‌ සමාගමට අත්වී ඇති ඉරණමට වගකිවයුත්තන් වන්නේ සභාපතිවරයා හා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය බවත් ඔවුන්ට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක්‌ කිරීමට කටයුතු කරන බවත් ඉදිරි දෙසතිය තුළ ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

හෙතෙම ඊයේ (03 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.