කච්චතිව් හිමිකම පිළිබඳ ප්‍රකාශය අස්‌කර ගන්න
- ජයලලිතා ඉන්දීය රජයට කියයි

කීර්ති වර්ණකුලසූරිය

කච්චතිව් දූපත අසල ධීවර කර්මාන්තයේ යෙදීමට තමිල්නාඩු ධීවරයන්ට හිමිකමක්‌ නැති බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය වහාම ඉවත් කර ගන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශය නිසා තමා කම්පනයට පත් වූ බවද ඇය සඳහන් කර තිබේ.

1974 දී ශ්‍රී ලංකා රජය හා ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම යටතේ තමිල්නාඩු ධීවරයනට කච්චතිව් අසල ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.