නිදහස්‌ වෙළෙඳ කලාපවල 15,000 ක සේවක හිඟයක්‌
විඡේවර්ධන මාවතේ කැසිනෝ කලාපයක්‌ නෑ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

දැනට පවතින නිදහස්‌ වෙළෙඳ කලාපවල 15,000 ක පමණ සේවක හිඟයක්‌ පවතින බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එම ස්‌ථානවලට රැකියා සඳහා ඒමට ඇතැමුන් මැළිකමක්‌ දැක්‌වීම සහ කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල පිරිසක්‌ පිටත්ව යැම වැනි හේතු මීට බලපා ඇතැයි ද සඳහන් කළ ඇමැතිවරයා කීවේ මීට පිළියමක්‌ ලෙස ඉදිරියේදී කර්මාන්ත ගම් තුළ පිහිටුවීමට පියවර ගන්නා බවයි.

මෙහිදී මාධ්‍යවේදීයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ලක්‍ෂමන් යාපා ප්‍රකාශ කළේ කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවතේ කැසිනෝ කලාපයක්‌ නොමැති බවත් එහි ඉඳිවන්නේ සංචාරක හෝටල් පමණක්‌ බවත්ය. ඊයේ (03) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ 25 වැනි මහලේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.