මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් යුද හමුදාවට එක්‌වූ දමිළ ආධුනික කාන්තා සෙබළියෝ විසිරයති



ප්‍රභාකරන්ගේ බලකොටුව ලෙස පසුගිය යුද සමයේ සැලකූ මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් යුද හමුදාවට එක්‌වූ දමිළ ආධුනික කාන්තා සෙබළියන් 30 දෙනකු සිය පුහුණු කාළය නිමිකොට විසිර යැම පෙරේදා 02 මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේදී පැවැත්විණි. මෙම පිරිස පුහුණු කාලසීමාව මාස තුනක්‌ අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ විසිර ගියහ.

තමන් මෙසේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌වීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ආධුනික කාන්තා සෙබළ එස්‌. මයුරි ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි. "අපිට ගොඩක්‌ සතුටුයි අපි සතුටින් පුහුණු කාලය නිම කළා. දැන් ඇත්තටම අපි ගොඩක්‌ සතුටින් ජීවත් වෙනවා. අපිට තිබුණ ආර්ථික ප්‍රශ්න දැන් නෑ. අපේ හැම දේ ගැනම අපේ හමුදාව හොයලා බලනවා. ඒ වාගේම යුද්ධ කාලේ අපිට මෙහේ ඉන්න බැරුව මඩකලපුවට ගියා. ඇත්තටම අපි ගොඩක්‌ දුක්‌ වින්දා. අපි දැන් තමයි ජීවිතේ දිනුවේ. අනික තමයි අපි ලිඳේ ඉන්න ගෙම්බො වගෙයි හිටියේ. දැන් අපි මුළු ලෝකෙම නිදහසේ දකිනවා.

අපි අපේ මුලතිව් ආඥපති ජෙනරල් ජගත් ඩයස්‌ මහත්තයට පිංසිද්ධ වෙන්න කියනවා. අපි මේ රටට ආදරෙයි."

මේ අනුව විවිධ පාර්ශ්වයන් කුමණ ආකාරයේ චෝදනා එල්ල කළද අද වන විට ඔවුන් සැබවින්ම ඉතාමත් සුන්දර ජීවිතයක්‌ ගත කරන බව ඔවුන් හමුවී කතා බහ කරන ඕනෑම පුද්ගලයෙකුට දැක ගැනීමට හැකිවේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.