යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති සංශෝධනයට පත් කළ කමිටුව ප්‍රථම වරට රැස්‌වෙති

ඒමන්ති මාරඹේ

යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පත් කර ඇති විශේෂඥ කමිටුව පෙරේදා (02 දා) ප්‍රථම වරට රැස්‌ වී ඉදිරිපත්ව ඇති සංශෝධනයන් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

යෝජිත ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් විද්වත් කමිටුවක්‌ මගින් සකස්‌ කෙරුණු සංශෝධනයන් 42 ක්‌ සහිත ලියවිල්ලක්‌ හා වෙනත් පුද්ගලයන් කිහිපදෙනකු විසින් සංශෝධනයන් ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ග කීවේය.

ඉකුත් සඳුදා සිය සංශෝධනයන් ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්‌ථාවේදී ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කිරීමේ කටයුතු මසක පමණ කාලයකින් සිදුකර නිම කිරීමට බලාපොරොත්තු වන බව තම සංගමය වෙත දැනුම් දුන් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා "දිවයින"ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.