නායකත්ව පුහුණු වැඩමුළුව අවසන් කළ යොවුන් සේනාංක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250 ක්‌ විසිර යයි

නායකත්ව පුහුණු වැඩමුළුව අවසන් කළ යොවුන් සේනාංක සිසු සිසුවියන් 250 කගේ විසිර යැමේ උත්සවය නාඋල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජය ඇමැති, මාතලේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සභාපති, ලග්ගල ආසන ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක නීAතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී රැස්‌ව සිටි පිරිස ඇමතූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, "මෙම නායකත්ව පුහුණු වැඩමුළුවන් තුළින් රටට ජාතියට වැඩදායී අනාගත පරපුරක්‌ බිහිකිරීමට යුද හමුදාව සහ තරුණ සේවා සභාව එක්‌ව ගන්නා මෙම ක්‍රියා මාර්ගය ඉතා අගය කළ යුතු" බවය. තවද මෙහිදී නාඋල සහ දඹුල්ල කලාපයේ 2013 - 2014 වර්ෂයේ දක්‍ෂතම යොවුන් සේනාංක බාලකයාට සහ බාලිකාවට කුසලාන සහ සහතිකපත් බෙදා දීමද නියෝජ්‍ය අමාත්‍යතුමන් වෙතින් සිදු කෙරිණි. මෙම අවස්‌ථාවට යොවුන් සේනාංක පළාත් අධ්‍යක්‍ෂ මේජර් අශෝක විඡේරත්න, නාඋල සේනාංක මධ්‍යස්‌ථානාධිපති මේජර් සුගත් රත්නතිලක, දඹුල්ල සේනාංක මධ්‍යස්‌ථානාධිපති කපිතාන් චමිල් සූරසිංහ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලක්‌ බණ්‌ඩාර, නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රී මණ්‌ඩලය, නාඋල ප්‍රාදේශීය ලේකම්තුමන්, ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.