පිල්ලේගේ කමිටුවට යන අයට
අවසර දීම ගැන තීරණය ඉදිරියේදී


රනිල් ධර්මසේන

යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌වරිය විසින් පත් කරන ලද කමිටුව හමුවේ සාක්‌ෂි දීමට මෙරට පුද්ගලයන්ට එහි යාමට අවසර දීම පිළිබඳව ඉදිරියේදී රජය අවසන් තීරණයක්‌ ගන්නා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.

ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ හා ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ සමානව සැලකීමක්‌ මෙම මානව හිමිකම් කොමිසම විසින් සිදුකර ඇතැයිද එම ක්‍රියාමාර්ගයට රජය මුල සිටම විරෝධය පළ කළ බවද හෙතෙම ඊයේ (03 වැනිදා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්‌වරිය මෙම කමිටුව පත්කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්‌ යෑයිද එහිදී ඇමැතිවරයා කියා සිssටියේය.

විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳව ඉදිරියේදී කරුණු පැහැදිලි කරනු ඇති බවද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.