"දින තුනක්‌ ඇතුළත ඉවත් වෙනු"
මහනුවර ව්‍යාපාරිකයකුට මැරයෝ තර්ජන කරති

සිරිල් විමලසුරේන්ද්‍ර

තම වෙළෙඳ ආයතනයට කඩා වැදුණු නාඳුනන අවිගත් කල්ලියක්‌ දින තුනක්‌ ඇතුළතදී වෙළෙඳසල ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ බවට මහනුවර පේරාදෙණිය පාරේ ව්‍යාපාරිකයකු වන ප්‍රියන්ත කරුණාරත්න මහතා මහනුවර පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.

තමන් රාජගිරියේ සිට පැමිණි බව මැර කල්ලිය පැවසූ බව කරුණාරත්න මහතා පැවසීය.

පැමිණිල්ල සම්බනAධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී ඇල්ලේපොල, පොලිස්‌ අධිකාරි චාමික ප්‍රේමසිරි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන භාර ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එච්. එම්. එස්‌. ප්‍රේමචන්ද්‍ර මහතා පරීකAෂණ මෙහෙයවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.