සිංගර් පාසල් ක්‍රිකට්‌ සම්මාන උළෙලින්...

ගයාශාන් විතානආරච්චි

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද වයස අවු. 19 න් පහල අන්තර් පාසල් ක්‍රිකට්‌ සම්මාන උළෙල පසුගිය (30 දා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී වසරේ පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට මොරටුව වේල්ස්‌ කුමර විදුහලේ ශානුක දුලාඡ් සමත් විය.

මෙම උළෙලේදී හොඳම පිතිකරුවාට හිමි සම්මානය හා තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි අනුශූරතාවද ශානුකටම හිමිවීම විශේෂත්වයක්‌ විය. 2013-2014 තරග වාරය තුළදී ලකුණු දහසේ සීමාව ඉක්‌මවීම (ඊට ශතක 4 ක්‌ හා අර්ධ ශතක 7 ක්‌ ඇතුළත් විය) ශානුකට එම සම්මානය හිමිවීම හේතුවකි. මෙහිදී ජයග්‍රාහී ක්‍රීඩකයන් හා ජයග්‍රාහී කණ්‌ඩායම් සඳහා ක්‍රීඩා භාණ්‌ඩ මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමිණ.

අදාළ ත්‍යාග ප්‍රදානෝත්සවය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංගමයේ උපසභාපති මොහාන් ද සිල්වා, පාසල් ක්‍රිකට්‌ සංගමයේ සභාපති කිත්සිරි ලියනගමගේ, පාසල් ක්‍රිකට්‌ සංගමයේ ලේකම් ඩිල්ශාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගි විය.

ත්‍යාග ලාභීන් මෙසේය

වසරේ පාසල් ක්‍රීඩකයා(

ශූරතාවය - ශානුක දුලාඡ් (වේල්ස්‌ කුමර විදුහල - මොරටුව), අනුශූරතාවය - මලිත් මහේල ද සිල්වා (මහින්ද විද්‍යාලය - ගාල්ල).

වසරේ දක්‍ෂතම පිතිකරුවා(

ශූරතාවය - ශානුක දුලාඡ් (වේල්ස්‌ කුමර විදුහල - මොරටුව), අනුශූරතාවය - මින්හාඡ් ජලීල් (තර්ස්‌ටන් විද්‍යාලය - කොළඹ).

වසරේ දක්‍ෂතම පන්දු යවන්නා(

ශූරතාවය - මලික්‌ මහේල ද සිල්වා (මහින්ද විද්‍යාලය - ගාල්ල), අනුශූරතාවය - රවීන් සේයර් (ත්‍රිත්ව විද්‍යාලය - නුවර).

වසරේ දක්‍ෂතම පන්දු රකින්නා(

ශූරතාවය - රොන් චන්ද්‍රගුප්ත (ත්‍රිත්ව විද්‍යාලය - නුවර), අනුශූරතාවය - යසිත් චමෝද් (රාජකීය විද්‍යාලය - පානදුර).

පළමුපෙළ ලීග් තරගාවලිය(

ශූරතාවය - රිච්මන්ඩ් විද්‍යාලය - ගාල්ල, අනුශූරතාවය - ත්‍රිත්ව විද්‍යාලය - නුවර.

පළමුපෙළ සීමිත පන්දුවාර තරගාවලිය(

ශූරතාවය - තර්ස්‌ටන් විද්‍යාලය - කොළඹ, අනුශූරතාවය - සාන්ත තෝමස්‌ විද්‍යාලය - ගල්කිස්‌ස.

පන්දුවාර 20/20 ශූරතාවය(

සාන්ත තෝමස්‌ විද්‍යාලය - ගල්කිස්‌ස.

වසරේ නැගී එන කණ්‌ඩායම(

සාරානාත් විද්‍යාලය - කුලියාපිටිය.




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.